වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා නාම යෝජනා ලබා ගැනිම අද (14) සිදුවු අතර මෙම පළාත් පාලන ආයතන සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 64 ක් සහ ස්වාධීන කණ්ඩායම් 07 ක් ඉදිරිපත්වි තිබේ.
මෙම නාම යෝජනා වලින් පිළිගත් දේශපාලන පක්ෂ හයක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අම්පාර දිස්ති‍්‍රක්කයේ දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප‍්‍රාදේශිය සභා දෙකට ඉදිරිපත් කරන නාම යෝජනා ප්‍රතික්ෂේප වි තිබේ.
බලයලත් නියෝජිතයකු භාර නොදිම නිසා මෙම නාම යෝජනා පත‍්‍ර දෙක ප්‍රතික්ෂේප වු බව අම්පාර තේරීම් භාර නිලධාරි තුසිත පි වනිගසිංහ මහතා පැවසිය.
ජාතික ක්‍රොංග්‍රසය සමන්තුරේ ප‍්‍රාදේශිය සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය ද ප්‍රතික්ෂේප වි ඇති අතර ඉලංගෙයි තමිල් අරුසු කචිචි පක්ෂය නාවිදන්වැලි සහ අලයඩිවෙම්බු ප‍්‍රාදේශිය සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
ඉලංගෙයි මහජන ක්‍රොංගසය අක්කරපත්තුව මහ නගර සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය ප්‍රතික්ෂේප විය. අක්කරපත්තුව මහා නගර සභාවට ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය සහ නාවිදන්වැලි ප‍්‍රාදේශිය සභාවට ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රයද ප්‍රතික්ෂේප වි ඇති බව අම්පාර තේරීම් භාර නිලධාරි තුසිත පි වනිගසිංහ මහතා පැවසිය.
කාන්තා නියෝජනය අඩුවිම බලයලත් නියෝජිතයින් නොමැතිව ඉදිරිපත් කිරිම යන කරුණු නිසා මෙම නාම යෝජනා පත‍්‍ර ප්‍රතික්ෂේප වු බවද පැවසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අම්පාරට පිළිගත් පක්ෂ 64ක් ස්වාධීන කණ්ඩායම් 07ක් නම් දෙයි
Perera Friday, 15 December 2017 07:13 PM
ලංකාවේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවම පැහැදිලිව පෙනෙන්න තියෙන කරුණක් තමයී දේශපාලනය මුලින්ම ගරු සේවයක් විදිහට එහි නිරත වූවන් යෙදී සිටීමයී. වරප්‍රසාද කිසිවක් නැති , තම තමන්ගේ පුද්ගලික වත්කම් පවා රට වෙනුවෙන් වැය කරමින් කල සේවයක් තමයී දේශපාලනය මුලින්ම දිස්වන්නේ. ඉන් පසුව දේශපාලනය වාතියක් බවට පරිවර්තනය වෙලා බව පැහැදිලි කරුණක්. වරප්‍රසාද , ඉහල වැටුප්, වැටුපට අමතරව දීමනා, වාහන ආදිය. දැන් දේශපාලනය රටේ තිබෙන හොඳම ව්‍යාපාරය බවට පත්වෙලා. වරප්‍රසාද , ඉහල වැටුප් ආදියට අමතරව විශාල කොමිස්, අති විශාල ලන්සුවලට කොන්ත්‍රාත් ලබාගැනීමේ හැකියාව රජයේ ඉඩම් තම තමන්ගේ පුද්ගලික ආදායම් මාර්ග බවට පත්කරගැනීම ආදිය දේශපාලනයෙන් බලය ලබා ගන්න බොහෝ අය නිරතවීම පැහැදිලිව දකින කරුණක්. අම්පාර වගේ පලාතකටත් පක්ෂ 64කින් තරංග වදින සිය ගණන් පිරිසකට අමතරව ස්වාදීන කණඩායම් 7කින් තව පිරිස් තරංග කරන්නේ අම්පාර පලාතට ගරු සේවයක් කිරීමටද නැත්නම් දේශපාලනය ඒ අයගේ වෘත්තිය නිසාද එහෙමත් ඇත්නම් දේශපාලනය රටේ අංක එකේ ව්‍යාපාරය නිසාද යන්න මේ කියවන ඔබ තීරණය කරන්න.