IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රත්නපුරේට පක්‍ෂ 8 ක් ස්වාධීන ව 8 ක් සටන් වදිති

අජිත්ලාල් ශාන්තඋදය

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායම් 8ක් නාමයෝජනා බාර දුන් බව රත්නපුර දිස්ත‍්‍රික් සහකාර තේරීම්බාර නිලධාරි සුරංග අඹගස්තැන්න මහතා පැවසුවේය.
 
එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සංධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, එක්සත් ප‍්‍රගතිශීලී සංධානය,  ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ ලිබරල් පක්‍ෂය යන පක්‍ෂ ද ස්වාධීන කණ්ඩායම් අටක් නාමයෝජනා බාරදුන්හ.
 
රත්නපුර මහ නගර සභාව, ඇඹිලිපිටිය සහ බළන්ගොඩ නගර සභා දෙක, ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, අයගම, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල, වැලිගෙපොල, ඉඹුල්පේ, කහවත්ත, ගොඩකවෙල, ඇඹිලිපිටිය, කොලොන්න යන පළාත් පාලන අයත්න වලට මෙසේ නාමයෝජනා බාර දී ඇත.  
 
එක්සත් වාමාංශික පෙරමුණ නිවිතිගල ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්‍ෂෙප විය. ලිබරල් පක්‍ෂය ඇහැලියගොඩට ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රයේ නම් දෙකක් ප‍්‍රතික්‍ෂෙප විය. කොලොන්න ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම්  නාමයෝජනා පත‍්‍රයේ නම් හයක් ප‍්‍රතික්‍ෂෙප වු බව ද සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ ය.



අදහස් (0)

රත්නපුරේට පක්‍ෂ 8 ක් ස්වාධීන ව 8 ක් සටන් වදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site