චමිල් රූපසිංහ
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් හා ස්වාධීන කණ්ඩායම් 11 කින් නාම යෝජනා පත්‍ර 115 ක් ඉදිරිපත් කළ බවත් ඒ සියල්ලම පිළිගත් බවත් මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 925 ක් ස්ථාපිත කෙරෙන අතර මධ්‍යස්ථාන 368 කදී ඡන්ද ගණන් කිරීමට නියමිත බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන අයතන සඳහා තරඟ කිරීමට පිළිගත් නාම යෝජනා පත්‍ර සම්බන්ධව අද (21) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති මාධ්‍යය හමුවකදී හිටිසේකර මහතා මේ බව කීවේය.
පූජාපිටිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ කොට්ඨාශ දෙකක අපේක්ෂකයින් දෙනෙකුගේ නම් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර නොතිබීම නිසා ඉවත් කළ බවත් මීට අමතරව ස්වාධීන කණ්ඩායම් මගින් ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තු වල සිටි අපේක්ෂකයින් 21 දෙනකුගේ නම්ද ඉවත් කර තිබේ.
දිව්රුම් ප්‍රකාශ නොදමීම,අපේක්ෂකයා අත්සන් නොකිරීම ඇතුළු අඩුපාඩු තිබූ බවත් පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් හා ස්වාධීන කණ්ඩායම් 12 කින් ඇප මුදල් තැන්පත් කර තිබූ නමුත් එක් ස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා ඉදිරිපත් නොකළ බවද තේරීම්භාර නිලධාරී හිටිසේකර මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය,ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සියලු පළාත් පාලන අයතන සියල්ල සඳහා නාම යෝජනා ලබාදුන් බවද එහිදී සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවරින් පක්ෂ 14 ක් ස්වාධීනව 11 ක් සටනට