IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පළාත් පාලන ආයතන වල පෙර තනතුරුදැරු අයට පොහොට්ටුවෙන් තැනැක්

නාලක සංජීව දහනායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් මහ නගර සභා,නගර සභා හා ප‍්‍රාදේශීය සභා සඳහා නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උපසභාපතිවරුන්  පත් කිරීමේදී මීට පෙර එම තනතුරු හෙබවූ පුද්ගලයන්ට ප‍්‍රමුඛතාවය දීමට එම පෙරමුණ තීරණය කර තිබේ.
            
ඔවුන්ට එම තනතුරු ලබාදීමේදී  දේශපාලන පළපුරුද්ද, නායකත්වයේ හැකියාව හා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ දේශපාලනය කිරීම ආදී නිර්ණායකයන් කිහිපයක් පිළිබඳව සළකා බැලූබව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු පැවසීය.
       
කොට්ඨාශ මට්ටමින් වැඩිම ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් අපේක්‍ෂකයන්ට තනතුරු ලබාදිය යුතු බවට යෝජනාවී තිබීම හේතුවෙන් ගැටලූකාරී තත්ත්වයක් හටගෙන තිබිණි. එම ගැටලූකාරී තත්ත්වයන් විසදීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කළේය.
              
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ආයතන 239 ජය හිමිවූ අතර ඒ ආයතනවල බලය මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබුණි. එම ආයතනවල හිටපු සභාපතිවරුන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්ව ජය අත්කර ගත්තේය.



අදහස් (6)

පළාත් පාලන ආයතන වල පෙර තනතුරුදැරු අයට පොහොට්ටුවෙන් තැනැක්

ajith Saturday, 03 March 2018 02:31 AM

ඒක හොඳයි. නවත්වපු තැනින් ගසා කෑම පටන් ගන්න පුළුවන්. පස් ලොරි, වැලි ලොරි වලින් කප්පම් ගැනීම, වෙන්දේසි ඉඩම් අනුමත කිරීම්වලින් පගා ගැනීම අපේ සභාපතිතුමා ජයටම කරගෙන ගියානේ...

:       668       1143

ase Saturday, 03 March 2018 04:21 AM

"මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ දේශපාලනය කිරීම" තවත් මොටද කතා? අපිට දෙවි සරණයි !! බැරි වුණු ඒවත් එක්ක අල්ලයි... වැඩ දන්නවනේ !!!

:       773       1181

Rohan Perera Saturday, 03 March 2018 09:35 PM

තාම පාඩමක් ඉගෙනගෙන නැ.

:       229       596

rohan Sunday, 04 March 2018 01:08 AM

අපේ ගමේ අය පොහොට්ටුවට ඡන්දය දුන්නේ පර්මිට් නැතිව ගස් කපන්න, වැලි අදින්න, පස් කපන්න, අනවසර ඉදිකිරීම් කරන්න පොහොට්ටුවෙන් පත්වෙන සභාපතිතුමා අවසර දෙන නිසාලු...... ගමට බුදු සරණයි......

:       411       774

de silva Sunday, 04 March 2018 08:51 AM

ඔව් අර උත්සව පවත්වපු මිනිස්සු... සංචාරකයා මරල ඔහුගේ බිරිඳට අතවර කරපු පුද්ගලයින්, පස් මුදලාලිලා හැමෝම නැවත පත්කර ගනිමු. පසුගිය ඡන්දේදි මහින්ද මහත්මයා පරාද වුනේ මේ පුද්ගලයින්ගේ කල්ක්‍රියාව සාධකයක් විදිහට ජනතාව කල්පනා කිරීම නිසා බව අමතක කරන්න එපා. කරුණාකර උගත්, බුද්ධිමත්, පෙර වැරදි නැති අවංක පුද්ගලයන් පත්කරන්න. මේ පාර මිනිස්සු පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ යුද්ධය දිනපු එකට මහින්ද මහත්මයට ගරු කිරීමත්, දැනට තිබෙන ආණ්ඩුව ඡන්ද පොරොන්දු ඉටු නොකිරීමත් නිසාය. නැතුව පරණ හොරු රැළ බලයට ගෙන එන්න නොවේ.

:       221       808

yohan harshana Tuesday, 06 March 2018 03:16 AM

ඒ දේ කරන්න එපා. හලාවත ප්‍රාදේශීය සබාවේ කලින් හිටපු උප සබාපති මේ සැරේ තුන් වෙනියා. ඊට වඩා හොද කෙනෙක් ඉන්නවා පාරිස් කියල. එයාව සබාපති කරන්න. එයා හොදයි. ලොකු සේවයක් කරපු කෙනෙක්. වසර 20ක් දේශපාලනේ කරපු කෙනෙක්.

:       0       93

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31034 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13165 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10944 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 16 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 874 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 260 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site