IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


නිදහසේ වේදිකාව නිමල්කා වෙනුවෙන්

(විනීතා එම් ගමගේ)

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා කොමසාරිස්වරුන් පත් කිරීමේ දී නිමල්කා ප‍්‍රනාන්දු පත් කිරීම පිළිබඳ විරෝධතා මතු වන නමුත් ඇය වෙනුවෙන් කොන්දේසි විරහිතව නිදහසේ වේදිකාව සංවිධානය පෙනී සිටින බව නිදහසේ වේදිකාව කැඳවුම්කාර මණ්ඩල සාමාජික බ්‍රිටෝ ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේය. 

දැන් ඇයට විරුද්ධ වන මහින්ද රාජපක්ෂ මහතා හමුදාවට එරෙහිව 89 දි ජිනීවා යන්නට අරමුදල් පවා සොයා දුන්නේ නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය යැයි දැන් ඔහුට අමතක වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය. 

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (6) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි දී තව දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවැසීය.

‘‘මේ කාර්යාලය පිහිටෙව්වේ රණවිරුවන් දඩයම් කරන්නමයි කියල සරත් වීරසේකර හා විමල් වීරවංශ මහ හඬින් ගුගුරනවා. කාවින්ද ජයවර්ධන හා ජෝන් සෙනෙවිරත්න මේ පත්වීම්වලට එකඟ නැහැ කියල කෙකර ගානවා. මෙය සිදු නොවිය යුතුයි කියා ඔවුන් කියනවා. මේ ගුගුරන්නෙත් කෙකර ගාන්නෙත් දකුණේ ඡන්ද වෙනුවෙන්.“

“නිමල්කා ගෝඩ් මදර්, අපි ඇය පත් කළාට විරුද්ධයි කියා මහින්ද රාජපක්ෂ කියනවා. නමුත් 89 දී අතුරුදන් වූවන්ගේ ෆයිල් අරන් ජිනීවා යන්න යද්දි නිමල්කා හොඳයි. අද නරකයි. එදා ජිනීවා යන්න මුදල් හොයල දුන්නේ නිමල්කලා. අපි නිමල්කා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.“ 

1971 /1989 කාලෙදී ලෝකයේ අතුරුදන් වීම් වැඩිම රටවල් අතර දෙවැනි තැන ගත්තේ ලංකාවයි. එදා දකුණේ තරුණයන් අතුරුදන් වෙද්දි හමුදාවට එරෙහිව පියවර ගන්න  ඕන කියල හඬ නැගුවේ මහින්ද රාජපක්ෂයි. දකුණේ අතුරුදන් වූ තරුණයන්ගේ අම්මලා අපටත් සාධාරණයක් ඉටු කරන්න කියල අද ඉදිරියට එන්න අවශ්‍යයි.’’ 



අදහස් (12)

නිදහසේ වේදිකාව නිමල්කා වෙනුවෙන්

Neelaka Tuesday, 06 March 2018 12:31 PM

ලොකු කුට්ටියක් ලැබිලා වගේ, අපි පව් නේද?

:       144       244

Deepal Nirosh Tuesday, 06 March 2018 04:48 PM

නැතුව, ගොනා හැරෙන්නෙ පොල්පැළේ පැත්තටයි.

:       1       90

siri Tuesday, 06 March 2018 07:39 PM

ඩොලර් වලට ඇරෙන කටවල් තමයි මේ.

:       132       258

Bamunuarachchi Wednesday, 07 March 2018 01:25 AM

"එදා දකුණේ තරුණයන් අතුරුදන් වෙද්දි හමුදාවට එරෙහිව පියවර ගන්න ඕන කියල හඬ නැගුවේ මහින්ද රාජපක්ෂයි." ඔව් එදා සිංහලයින් මැරුවේ සිංහල හමුදාව නිසයි . නමුත් මෙදා හැමුදාවකලේ සිංහලයින් මරපු දෙමල ත්‍රස්තයින් මරපු එකයි. එකයි අපි අතුරුදන් වූවන් ගැන සොයනවාට විරුද්ද. ත්‍රස්තයින් මරන්න නීති ඕනේ නැත. අනික මේ පත් කර තිබෙන ගැහැණිය සිංහල හමුදාවට විරුද්ද දෙමළුන්ට කත් අදින NGO ගැහැනියකි.

:       3       408

Bamunuarachchi Wednesday, 07 March 2018 01:26 AM

වැඩේ වැරැද්ද ගත්තොත් මෙයත් අතුරුදන් වේවි වගේ

:       0       31

නෙවිල් ගුණසේකර Wednesday, 07 March 2018 02:05 AM

දේශපාලනේ නවත්වල දැන්වත් ජාතිය ගැන සිතාපියව්

:       1       147

surath Wednesday, 07 March 2018 03:07 AM

මිලේජ්ජ අතිදරුණු ත්‍රස්තවාදීන් ට සුදුහුණු ගෑමට ක්‍රියා කළ මැයගේ මෑතකාලීන ජාතිද්‍රෝහි ක්‍රියා අපට අමතකව නෑ.ඒ ඔක්කොම බටහිර ඩොලර් කුට්ටි වෙනුවෙන්.

:       3       306

amal Wednesday, 07 March 2018 03:52 AM

කොමසාරිස්වරුන් පත් කිරීමේ දී නිමල්කා ප‍්‍රනාන්දු පත් කිරීම වැරදි නෑ. එත් doller වලට ඕනිම අමන වැඩක් කරන අය පත් කිරීම වැරදියි.

:       1       164

navinna Wednesday, 07 March 2018 04:34 AM

තේරුම් ගනින්...එදා වෙච්ච දේ නෙමෙයි අද වෙලා තියෙන්නෙ ඒ කාලෙ පැවති රජය විසින් හමුදාව උසිගන්නලා දඹුලු ගිහින් තලගොයිත් මරාගත්තා. මහින්ද ඒ කාලෙ ජිනීවා ගියේ තලගොයි මරනවට විරුද්ධව. ඔය කියන ගෑනුකෙනා ඒකට වියදම් කලේ ඒයාගෙ සල්ලි නෙමෙයි, නගෝ සල්ලි. ඒ කාලෙත් මෙයා ඒගොල්ලන්ගෙ ඒජන්ට්. එයාල හරි කැමතියි මෙහේ ප්‍රශ්ණ ජ්‍යාත්‍යන්තරයට ගෙනිහින් ඒ හරහා මෙහේ දේවල්වලට මැදිහත් වෙන්න. නමුත් අද ඒයා පෙනීහිටින්නෙ හමුදාවට විරුද්ධව.තමුන්ලට අමතක වුනාට අපිනම් ඇස්දෙකෙන් දැක්කා පහුගිය දවස්වල ඔය ගැහැණුකෙනා ජිනීවා ගිහිල්ලා සුනන්ද දේශප්‍රියලත් එක්ක කා වෙනුවෙන්ද කඩේ ගියේ කියලා. මහින්දත් තමුන්ල වගේ ඩොලර් ගිල්ලානම් කට පියාගෙන ඉඳියි...අනේද කියන්නෙ ඩොලර් පවර්....

:       0       414

Bamunuarachchi Wednesday, 07 March 2018 09:21 AM

බ්‍රිටෝ එහෙනම් මේ අයට කියන්න 1989 අතුරුදැන් වීම වලින් පටන් ගන්න කියලා. ප්‍රභාකරන්ගේ බෝම්බවලින් අතුරුදන් වූ සිංහලයින් ගැනත් සොයන්න කියන්න

:       0       116

maheshika Wednesday, 07 March 2018 09:16 PM

ඔය ගොන් තර්ක දාලා සල්ලි පස්සේ යන්නේ. ඔබ දන්නේ නැතුව ඇති, අතුරුදහන් වුණු ගොඩක් අය කැනඩාවේ, එංගලන්තයේ, ප්‍රංශයේ සහ තව බොහෝ රටවල රැකවරණ පතාගෙන ගිහින් ඉන්නවා. ඔය නම් ලිස්ට් එක එම රටවලට යැව්වා නම් අතුරුදහන් වුණු අයගෙන් බොහෝ දෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි.

:       0       0

prakaash Thursday, 08 March 2018 03:11 AM

මේ අය ලබා ගන්න ඩොලර් අට්ටිවලට රට ,රට බේරාගත් නායකයින් සහ රණවිරුවන් පාවා දෙනවා.මෙයාලගේ කොන්ත්‍රාත්තුව ඒකයි මේ ගැහැණියත් සුක්ෂම ලෙස බටහිරයන්ගේ සහ කොටි ඩයස්පෝරාවේ කුමන්ත්‍රණ ඉටු කරයි.රට වෙනුවෙන් මුන්ගේ පවුල්වල වුන් පවා කල දෙයක් නැත.මේ ද්‍රෝහී පාලකයින් සහ කුක්කෝ කරන දේ ගැන හොඳින් තේරුම් ගත යුතුය,.

:       0       52

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31028 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13157 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 16 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 259 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site