(සුමතිපාල දීයගහගේ)
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට ජයග්‍රහණය කළ ගාල්ල හිටපු මහ නගරාධිපතිවරයකු වන කැලුම් සෙනෙවිරත්න මහතා ඇතුළු ඔහුගේ සොහොයුරන් දෙදෙනෙකුට නිවසට කඩා වැදී පහර දී ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ සොහොයුරන් දෙදෙනා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රහාරයෙන් කැලුම් සෙනෙවිරත්න මහතාගේ එක් අතක ඇගිලි දෙකකටද තුවාල සිදුවී ඇත.
කඩු පොලු රැගෙන නිවසට කඩා වැදුණු සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම ප්‍රහාරය සිදු කළ බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටින බව ද ඔහු කියයි.
පරාජයෙන් වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂයේ එක් අපේක්ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය සිදු කළ බවද ඔහු පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල මහ නගර සභා කණ්ඩායම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කැලුම් සෙනෙවිරත්න මහතාගේ නායකත්වය යටතේ තරග කළේය.
ප්‍රහාරයට පැමිණි පිරිස රැගෙන පැමිණි කඩු පොලුද දමා පලා ගිය බවද වාර්තාවේ.

2025 ඔක්තෝබර් මස 08
1352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1262
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගාල්ලේ පොහොට්ටුවේ අපේක්ෂකයක්ට මැර ප්‍රහාර
කුමාර් (ගල්ෆ්) Sunday, 11 February 2018 04:11 PM
මේ වගේ අයට ගහල මදි.... මේ අයව හමගහන්න ඕනෑ.