IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ පළාත් පාලන ආයතන 10ක් සඳහා නම් දෙයි

ඩයනා උදයංගනී
 
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 10ක් සඳහා දේශපාලන පක්‍ෂ 62ක් සහ ස්වාධීන කණ්ඩායම් 14ක් අද (21) නාමයෝජනා භාරදුන් බව කොළඹ දිස්ත‍්‍රික් ලේකම් සහ ප‍්‍රධාන තේරීම් භාර නිලධාරී සුනිල් කන්නන්ගර මහතා පැවසීය.
 
මින් දේශපාලන පක්‍ෂ දෙකක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්‍ෂ්ප විය.
 
ජාතික ජනතා පක්‍ෂය කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය නියමිත අපේක්‍ෂක සංඛ්‍යාව නොසිටීම නිසාත්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව සඳහා එක්සත් සමාජවාදී පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය නියමිත ප‍්‍රමාණයට වඩා වැඩි අපේක්‍ෂක සංඛ්‍යාවක් ඇතුළත් කරතිබීම නිසා සහ කැස්බෑව නගර සභාවට ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත‍්‍රය නියමිත කාන්තා නියෝජනය නොතිබීම නිසාත් ප‍්‍රතික්‍ෂ්ප වී තිබිණි. 
          
මීට අමතරව තවත් පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනාවලින් අපේක්‍ෂක නම් කිහිපයක් ඉවත් කිරීමට තීරණය කළ බව ද දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
 
කොළඹ දිස්ත‍්‍රික්කයේ කොළඹ, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා, කොලොන්නාව, සීතාවකපුර හා කැස්බෑව නගර සභා මෙන්ම හෝමාගම, කොටිකාවත්ත මුල්ලේරියාව සහ සීතාවක ප‍්‍රාදේශීය සභා යන ආයතන 10 සඳහා මෙහිදී නාමයෝජනා භාරදුන් වූ අතර ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එම ආයතන 10 සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 60කුත් ස්වාධීන කණ්ඩායම් 13ක් ඇතුළු කණ්ඩායම් 73ක් තරඟ කිරීමට නියමිතය.
          
එයින් කොළඹ මහනගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 9ක් හා ස්වාධීන කණ්ඩායම් 2ක්, මොරටුව මහනගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 5ක් සහ ස්වාධීන කණ්ඩායම් 1ක්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 6 ක් සහ ස්වාධීන කණ්ඩායමක්, කඩුවෙල මහනගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 7ක් සහ ස්වාධීන කණ්ඩායම් 4, කොලොන්නාව නගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 6ක්, කැස්බෑව නගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 6ක් හා ස්වාධීන කණ්ඩායමක්, සීතාවකපුර නගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 4ක් හා ස්වාධීන කණ්ඩායමක්, සීතාවක ප‍්‍රාදේශීය සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 6ක්, හෝමාගම ප‍්‍රාදේශීය සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 5ක් සහ ස්වාධීන කණ්ඩායම් 3ක්, කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 6ක්  වශයෙන් තරඟ කරන බව ද දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවසීය.

මෙම නාමයෝජනා සඳහා විරෝධතා 42ක් ඉදිරිපත් වී තිබූ අතර එයින් පිළිගනු ලැබූයේ කැස්බෑව නගර සභාව සඳහා ස්වාධීන කන්ඩායමක් ඉදිරිපත් කරනු ලැබූ නාමයෝජනා පත‍්‍රයට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතාව පමණක් බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය. 



අදහස් (0)

කොළඹ පළාත් පාලන ආයතන 10ක් සඳහා නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site