IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මනමේ කුමරු වේදිකාවෙන් බැසයයි

එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා වූ දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තණ ආචාරය ප්‍රවීන වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න  මහතා අද (21) අලුයම අභාවප්‍රාප්තවිය.

මීරිගම බැද්දෙගෙදර කිතලවලාන පදිංචිව සිටි තිදරු පියෙකුවූ  ඔහු මියයනිවිට 52 හැවිරිදි වියේ පසුවිය.

මනමේ කුමාරයා ලෙස කාගේත් හැදින්වීමට ලක්වූ ඔහු සිංහබාහු, නරිබෑනා,  අසිනිවැස්ස,   රෑකඩ රාජ්ජේ ඇතුලු වේදිකා නාට්‍ය ගණනාවක දස්කම් දැක්වූ ශිල්පියෙකි. හෙතෙම හෝගානා පොකුණ, චිත්‍රපටියේද සුවිශේෂි දස්කම් පෙන්වා ඇත.

කුරුනෑගල පැවැති රෑකඩ රාජ්ජේ නර්නතයක යෙදෙමින්  සිටියදී දින කිහිපයකට පෙර ඔහු වේදිකාවේදී හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින්සිටියිදී මෙසේ මරණයට පත්වූ ඇත.

දේහය අවසන් ගෞරවය සදහා කිතලවලාන බැද්දෙගෙදර නිවසේ තැරන්පති කර තැබෙන අතර අවසන් කටුයුත පිලිබදව පසුව දන්වන බව පවුලේ සාමාජිකයෝ කියති.

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)



අදහස් - (6)

මනමේ කුමරු වේදිකාවෙන් බැසයයි

අරවින්ද මොනරවිල Wednesday, 21 June 2023 12:21 PM

සමාදානයේ සැතපෙන්න කුමාරායාණනි !

:       1       26

SUNIL MILANO Wednesday, 21 June 2023 12:48 PM

තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර අජරාමර නිවන් සම්පත්තිය ලැබේවායි පතමි.

:       0       28

වත්හිමි Wednesday, 21 June 2023 02:14 PM

රංග ශිල්පින් බොහෝ දෙනෙක් තම අවසන් රංගනයට කුරූණැගලට තෝරා ගන්නේ ඇයි? නිවන් සුව ලැබේවා!

:       1       10

Bamunuarachchi Thursday, 22 June 2023 04:24 AM

ඔබ‍ට නිවන්සුව පතමි.

:       0       3

Bunny Preena Thursday, 22 June 2023 11:32 AM

ජීවිතය තන අග පිනි බිඳකි .ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       0       3

gamini fonseka melbourne, australia Sunday, 25 June 2023 05:59 AM

ඔබට නිවන් සුව...!

:       0       3

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 157 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1961 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7131 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3552 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 433 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site