IMG-LOGO

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති

වැලිගම මිදිගම  තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.

ප්‍රදේශයේ ආගමික සහ සමාජ සේවාවන් සඳහා දැඩි ඕනෑකමින් සහ කැපවීමෙන් කටයුතු කළ උන්වහන්සේ  විශේෂයෙන් පිරිත් දේශනා, බෝධි පූජා, සහ ධර්ම දේශනා සදහා  ඉතාමත් දක්ෂ හිමිනමක් ලෙස ප්‍රසිද්ධියක් ලැබ සිටියහ.

උන්වහන්සේ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (5 ) දින රාත්‍රී  අපවත් වූහ.

අපවත් වන විට පනස් හයේ (56 ) වියේ පසු විය. 

උන්වහන්සේගේ ශ්‍රී දේහය වැලිගම මිදිගම  තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබෙන අතර  ආදාහන පූජෝත්සවය අද (8) පස්වරුවේදී මිදිගම තුර්කි ගම්මානයේ ක්‍රීඩාංගනයේ දී සිදුකිරීමට නියමිත බව  ආදාහන පූජෝත්සව කමිටුව පැවසුහ .

 



අදහස් - (0)

මොරවක ගුණසිරි හිමි අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 85 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 173 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


මොනරාගල හිටපු ක්‍රීඩා නිලධාරී ප්‍රේමරත්න මිය යයි
2025 ඔක්තෝබර් මස 06 23 0

මොනරාගල හිටපු දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී එල්.ඒ.ඩී ප්‍රේමරත්න (79) මහතා අභාවප්‍රාප්ත විය.


සිදූව පොලිසියේ සැරයන්වරයකුගේ මාමණ්ඩිය දිවියට සමුදෙයි
2025 ඔක්තෝබර් මස 02 249 0

සීදූව පොලීසියේ පොලිස් සැරයන් ඩබ්ලිව්.ජී.එල්. ගුණසිරි මහතාගේ මාමණ්ඩියා වූ සීදූව අමන්දොලුවේ පදිංචිව සිටි එම්.කේ.අයිවන් මහතා ඊයේ (2) අභාවප්‍රාප්ත විය.


බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 12 266 0

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.


හිටපු කොළඹ රදගුරු කෙනත් ප්‍රනාන්දු පියතුමෝ ස්වගර්ස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 04 1966 0

කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.


Our Group Site