IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති

 

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යුග  මෙහෙවරක් ඉටුකළ හෙළ පඬිරුවනක්වූ  දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද (16) උදෑසන  අපවත් වූහ.

අපවත් වනවිට  84 වැනි වියේ පසුවූ චන්දසිරි නාහිමියෝ කොටුගොඩ ධම්මාවාස  නාහිමියන්ගේ   අපවත්වීමෙන් අනතුරුව   2021 වර්ෂයේ ජුලි මස 20 වැනිදා එම නායක ධූරයට පත්වූහ.

මාතර දිස්ත්‍රික්කයේ දොඩම්පහල ග්‍රාමීයේදී 1939  වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනිදා එදිරිසූරිය පටබැඳිගේ මිසි නෝනා උපාසිකා මාතාවට එදිරිවීර පටබැඳිගේ සරනේරිස්  සිල්වා මහතාට දාව  උපත ලැබූ උන්වහන්සේ නූපේ ජය මහා විහාරාධිපති මාතර ශ්‍රී මේධානන්ද නාහිමියන් වහන්සේගේ සහ වාලුකාරාමාධිපති මාතර ශ්‍රී සද්ධර්මාරාම නාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් කුඩාවැල්ල වාළුකාරාමයේදී  පැවිදි දිවියට
ඇතුළත් වූහ.

මාතර වීරබා පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ  චන්ද්‍රසිරි හිමියෝ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.

උන්වහන්සේ 1962 වර්ෂයේ ජුනි මස 17 වැනිදා උපසම්පදාවට පත්වූහ.

කුඩාවැල්ලේ වංගීස නායක හිමියන් සමග එක්ව "ගෝතම තපෝවනය"  නමැති භාවනා මධ්‍යස්ථානය පිහිටුවීමට මුල් වූයේද උන්වහන්සේය.

මඩිහේ පඤ්ඤාසීහ, දවුල්දෙන ඤාණිස්සර, සහ  කොටුගොඩ ධම්මාවාස යන මහනායක හිමිවරු අමරපුර මහා නිකායේ මහා නායක පදවිය මීට පෙර හෙබවූහ.

සම්බුදු සසුන වෙනුවෙන්‌ උදාරතර ලෝක ශාසනික සේවාවක නිරතවීම සැලකිල්ලට ගෙන  දොඩම්පහළ චන්දසිරි මහානායක  ස්වාමින්ද්‍රයන්‌ වහන්සේට මියන්මාර රජය විසින්  2021 ජනවාරි මස 04 වන දින අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනමනු ලැබීය.

සිංහල පාලි සංස්කෘත, ඉතිහාසය, පුරා විද්‍යාව  ආදි විෂයයන්‌ පිළිබඳව ප්‍රාමණික උගතකුවූ දොඩම්පහල චන්ද්‍රසිරි උත්තරීතර මහා නායක හිමියන්ගේ  ආදාහන පූජෝත්සවය  පසුව දැනුම් දෙනු ලැබේ.

(සුජිත් හේවාජුලිගේ)



අදහස් - (6)

අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති

I am ranjith Tuesday, 16 May 2023 08:35 PM

රාජගිරියේ අරියඥාන හිමි වැනි ව්ශිෂ්ට ශිෂ්‍ය පරපුර ක් බිහි කළ ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා

:       0       1

රංජිත් වික්‍රමගේ Tuesday, 16 May 2023 08:38 PM

රාජගිරියේ අරියඥාන හිමි වැනි ව්ශිෂ්ට ශිෂ්‍ය පරපුර ක් බිහි කළ ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා

:       0       1

නවොද්‍යා අබේසුරිය Tuesday, 16 May 2023 11:04 PM

අමාමහ නිවන් සුවය ලැබේවා හාමුදුරුවන් වහන්සේට

:       0       1

හේමකුමාර Wednesday, 17 May 2023 06:39 AM

එම නිකායේම සබරගමුවේ නායක හාමුදුරුවෝත් ඊයේ සවස අපවත් වුනා කියලා ආරංචියක් ලැබුනා එම හාමුදුරුවන් දෙදෙනා වහන්සේසේටම නිවන්සැප ලැබේවා

:       0       1

SUNIL MILANO Wednesday, 17 May 2023 02:52 PM

ඔබ වහන්සේ තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර අජරාමර නිවන් සම්පත්තිය ලැබේවායි පතමි...

:       0       0

ජානක Wednesday, 17 May 2023 11:48 PM

ඔබවහන්සේට නිවන්සුව පතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 157 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1961 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7131 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3552 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 433 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site