IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කෙටිකතා කලාවේ ප්‍රේමවන්තයා

නොසැලෙන පන්හිඳ - 9

 

 

 

ස්ටීවන් කිං හැඳින්වෙන්නේ අපේ කාලයේ බිහි වූ අමුතුම පන්නයේ ලේඛකයකු ලෙසයි. මේ වන විට, ඔහු ලියා ඇති නවකතා, කෙටිකතා ඇතුළු වෙනත්  කෘති සංඛ්‍යාව 100 කට සමීපයි.  මොහු සෙසු සමකාලීන ලේඛකයන්ට වඩා කෙතරම් වෙනස්ද යන කාරණය ආරූඪ නම් කිහිපයක් භාවිත කරමින් නිර්මාණකරණයේ නිරතවිම මගින්ම තහවුරු වෙනවා. ලේඛන කලාව පිළිබදව වගේම ජීවන කලාව අළලාත් අමුතුම ආකාරයේ ආචාරධර්ම පද්ධතියක් අනුගමනය කළ ලේඛකයකු හැටියටත් ස්ටීවන් කිං පාඨකයන් අතර ප‍්‍රසිද්ධියට පත්ව සිටිනවා. ඔහු තදින්ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු හා සමාජය තමා පිළිබඳව කුමක් සිතනු ඇද්ද යන්න ගැන අබමල් රේණුවක තරමින්වත් නොතැකූ හිතුවක්කාරයකු බවත් ප‍්‍රකටයි. 

කෙසේ වෙතත්, ඔහු  සාර්ථක ලේඛකයකු වීමට පෙර මොනතරම් බරපතළ ජීවන අරගලයක් කළාද කියා දන්නෙ ඉතාම සීමිත පිරිසක්. මෙපමණ කල් බාහිර සමාජය දැනගෙන හිටියේ කිං පන්හිඳෙන් දස්කම් පාන අති දක්ෂ ලේඛකයෙක් කියලා විතරයි. කොහොමත් ලෝක ස්වභාවයත් ඒකමනේ. මිනිස්සුන්ට වැඩිපුරම පේන්නෙ අනෙකාගේ බාහිර ස්වරූපය මිසක අභ්‍යන්තර ආත්මය නෙවේනෙ. මට මෙතැනදි මතක් වෙන්නේ වරක් චාලි චැප්ලින් කරපු සිත් සසල කරන ප‍්‍රකාශයක්. ”‍මං වැස්සෙ තෙමෙන්න මේ තරමි කැමති එතකොට මගෙ ඇස් දෙකෙන් ගලන කඳුඵ බාහිර ලෝකෙට පේන්නේ නැති නිසයි..”‍ ඇත්තටම වැප්ලින්ගෙ මේ කියමනෙන් සංකේතවත්  වෙන්නෙ සුවහසක් ජනතාව සතුටු කරන්න කැප වී සිටින කලාකරුවන්ගේ දුක්ගැනවිල්ලක් නේද කියල ඔබට තේරුම්ගන්න පුඵවන්.

ස්ටීවන් කිං අයත් වෙන්නෙ නූතන ලෝකයට. ඔහු උපත ලබන්නේ 1947 සැප්තැම්බර් 21දා. ත‍්‍රාසයේ මහරජ (King of Horror) ලෙස පාඨක ප‍්‍රජාව අතර ජනප‍්‍රසාදයට පාත‍්‍රව සිටින මේ අපූරු ලේඛකයා  අදටත් ආදරණීය බිරිද තබිතා ස්පෲස් සමග ඇමරිකාවේ ෆ්ලොරීඩාවල ජීවත් වෙනවා.

කිං සිය ජීවිතයේ මුහුණ දෙන මුල්ම අභියෝගය තමා  ඔහු කුඩා කාලයේදීම මවුපියන් දික්කසාද වීම. කිං සහ ඔහුගේ සොහොයුරු ඬේවිඞ් ඔවුන්ගේ ළමා වියේ වැඩි කාලයක් ගත කළේ ඉන්දියානා සහ කනෙක්ටිකට් ප‍්‍රදේශ අතර එහා මෙහා යමින්. ඊට හේතුව තමා මවුපියන් අතර තිබුණු මතභේද. පසුව ඔහු තම සහෝදරයා සහ මව සමඟ මේන් ප‍්‍රදේශය වෙත ආපහු පැමිණියා. ඔබ කිංගේ රසිකයෙක් නම්, ඔහුගේ කථා බොහොමයක්  මේන් හෙවත් සිය උපන් ගම කේන්ද්‍ර කරගෙන ලියවී ඇති බව ඔබ දැක ඇති.

කිං  ඉංග‍්‍රීසි භාෂාව පිළිබද උපාධියක් දිනාගන්නෙ 1970 දී. ගුරු තනතුරක් දැරීමටයි ඔහු සිහින මැව්වෙ. නමුත් දෛවය මුලින්ම ඔහුට පැවරූ රාජකාරිය තමා ලොන්ඩරි සේවය. කිං කෙටිකතා රචනයට පිවිසෙන්නෙ රෙදි සෝදන වෘත්තියේ නිරතව සිටින අතර ලැබෙන කෙටි විවේකයේදී. කෙසේ වෙතත් 1971 දී ඉංග‍්‍රීසි ඉගැන්වීම සඳහා ඔහුට හැම්ප්ඩන් ඇකඩමියේ රැුකියාවක් ලැබෙනවා.  ඒ අවුරුද්දෙම තමා තබිතා සමඟ විවාහ වෙන්නෙ. ඒත් ඒ අලූ‍ත් ජීවිතය හිතපු තරම් සුන්දර වෙන්නෙ නැහැ. ආර්ථික අමාරුකම් එක්ක ලොකු අරගලයක යෙදෙන්න සිද්ධ වෙනවා නව යුවළට. දෙන්නගෙම දුරකතන පවා විසන්ධි වෙනවා බිල් ගෙවාගන්න බැරුව. 

1973 වන විට ඔවුන් දරුවන් දෙදෙනෙක් සහිත පුංචි පවුලක් බවට පත්වෙලා. අගහි`ගකම් පියවාගන්න තබිතාටත් රස්සාවකට යන්න වුණා.  ඉංග‍්‍රීසි උගන්වන රස්සාවෙන් කිංට ලැබුණේ පොඩි වැටුපක්. ගෙදර ආර්ථිකය මොන තරමි් දරුණු අතට හැරිල තිබුණද කියනවනමි කිංට රාත‍්‍රි කාලයේ  මුරකාරයෙක් හා ගෑස් පොම්ප සේවකයෙක් හැටියට වැඩ කරන්න සිදු වුණා. ඔවුන්ගේ නිවහන වුණේ කිසිම පහසුකමක් නැති ටේ‍්‍රලරයක්.  කිං, කුඩා වියේ සිට එකතු කරගත් පොත් මිටි බැඳලා ඒකෙ පැත්තක ගොඩගහලා තිබුණා. ඔහු භාවිත කළ යතුරු ලියනය තබිතාට අයිත් එකක්. ඇත්ත වශයෙන්ම ඔහුට අලූත් යතුරුලියනයක් ගන්න වත්කමක් තිබුණ් නැහැ. ටේ‍්‍රලරයේ ඔහුගේ මේසය තිබුණේ රෙදි සෝදන මැෂිම තියල තිබුණ පොඩි කාමර කෑල්ලෙ. කිං තවත් සොච්චම් මුදලක් උපයා ගත්තෙ ප්ලේබෝයි, පෙන්ට්හවුස් වැනි සඟරාවලට කෙටිකතා ලිවීමෙන්. 

ස්ටීවන් කිං සිය ප‍්‍රථම නවකතාව ලෙස ක්‍්රරසැ  පළ කරන්නෙ 1974දි. එය සැලකෙන්නෙ  Carrie   කතා ගණයට අයත් ප‍්‍රබන්ධයක් ලෙසසි. ඔහුගෙ මුල්ම කෙටිකතා එකතුව Night Shift , 1978 වසරෙදිි ප‍්‍රකාශයට පත් වෙනවා. එදා මෙදාතුර කිං අතින් ලියවී ඇති නවකතා සංඛ්‍යාව 65ක් වෙනවා. ඒවා අතර Novella හෙවත් වෘත්තාන්තමය නවකතා ශානරයට අයත් කෘති හතක්ද තිබෙන බව සඳහන්. වැඩිම ආරූඪ නම් ගණනාවක් භාවිත කළ ලේඛයන් අතර කිංට හිමි වන්නේ ප‍්‍රමුඛස්ථානයක්. ඔහු වෘත්තාන්තමය නවකතා හතක් හා ප‍්‍රබන්ධමය නොවන කෘති පහක්ම ලියා තිබෙන්නෙ රිචඞ් බැච්මන් නම් අන්වර්ථ නාමයෙන්. 

ත‍්‍රාසජනක ප‍්‍රබන්ධවලට අමතරව විද්‍යා ප‍්‍රබන්ධ, මායා ප‍්‍රබන්ධ වැනි ශානර ගණනාවක කෘති ස්ටීවන් කිං විසින් රචනා කර තිබෙන බවයි  පැවසෙන්නේ.  සමස්තයක් වශයෙන් සලකා බලන කල කිංගේ පොත් මිලියන 400ක් පමණ අලෙවි වී ඇති අතර එය ලේඛකයෙක් වශයෙන් ඔහු දිනා සිටි පාඨක ප‍්‍රසාදයට කදිම නිදසුනක් ලෙසත් සැලකිය හැකියි.  ඔහුගේ පොත් අතරින් බොහොමයක් මහා සිනමාවට, ටෙලි සිනමාවට හා කාටූන් බඳු වෙනත් මාධ්‍යයන්ට නැගී තිබෙනවා. නවකතා 65ට අමතරව කෙටි කතා එකතු 12ක්, ප‍්‍රබන්ධ නොවන කෘති 21ක් හා තිරනාටක 19ක් ඔහු සම්පාදනය කර ඇති බව කිංගේ ලේඛන වාර්තාවේ සටහන් වෙනවා.

ස්ටීවන් කිං සම්මාන රැසක්ම දිනා තිබෙනවා සිය නිර්මාණ දායකත්වය වෙනුවෙන්. බ‍්‍රෑන් ස්ටෝකර් හා  ඕගස්ට් ඩර්ලෙත් සම්මාන යුගල,  ඇමරිකානු සාහිත්‍යයට මහත් මෙහෙවරක් ඉටු කළ ලේඛකයා වෙනුවෙන් 2003 වසරේ සම්මාන පදක්කමට හා ඇමරිකානු අද්භූත ලේඛන වෙනුවෙන් 2007 වසරේ පිරිනැමූ ග‍්‍රෑන්ඞ් මාස්ටර් සම්මානයට හිමිකම් කියන්නට ස්ටීවන් කිං සමත් වී තිබෙනවා. 

සාහිත්‍යය හා ජීවිතය පිළිබඳව අරුත්බර මෙන්ම රසබර කියුම් කියූ ලේඛකයකු වශයෙනුත් ස්ටීවන් කිංට ලෝක සාහිත්‍යයේ හිමි වන්නේ කැපී පෙනෙන තැනක්. ඔහුගේ ඇතැම් කියමන් ලේඛන කලාව පිළිබඳ කෙරුණු කදිම නිර්වචන හැටියටත් සැලකෙනවා. කෙටිකතා කලාව අළලා  ඔහු කළ කදිම විවරණයක් උපුටා දක්වමින් ලෝක සාහිත්‍යයට ආලෝක ධාරාවක් පතිත කළ ස්ටීවන් කිං පිළිබඳ සටහන නිමා කරනවා. 

”කෙටිකතාව යනු අමුතුම දෙයකි,

ඇත්තම පවසන්නේ නම්

කෙටිකතාව යනු

අඳුරු මුල්ලකදී

නන්නාඳුරණ අමුත්තකු විසින්

පිරිනමනු ලබන උණුසුම් හාද්දක් වැනිය.”

 



අදහස් (0)

කෙටිකතා කලාවේ ප්‍රේමවන්තයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site