IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සිරි දළදා වන්දනාව පසු විපරම

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහාසයේ වාර්තාවකි. එසේම ශ්‍රී දළදා වහන්සේ මෙරටට වඩම්මවා, සියවස් දහහතක ඉතිහාසයක මෙතරම් බැතිමතුන් පිරිසක් ශ්‍රී දළදා වන්දනාවට එකතු වූ බවක් ද මෑත ඉතිහාසයේ හෝ අපගේ අනාදිමත් ඉතිහාසයක හෝ ලියැවී ඇති බවක් මහාවංශයේ හෝ සඳහන් නොවේ. 

මෙවර දළදා වන්දනාවේ තවත් වාර්තා බොහොමයක් තිබේ. බැතිමතුන් විසින් ඉවතදා එකතු වූ මෙතරම් කසළ තොගයක් ද ඉතිහාසයේ කෙදිනකවත් වාර්තා වී නොමැත. ටොන් 650කට ආසන්න වූ එම කසළ තොගය ඉතාමත් වේගවත්ව ගොහාගොඩ කසළ අංගනය වෙත යොමු කරමින් මහනුවර මහ නගර සභාව ද වාර්තාවක් තබා තිබේ. එසේම එම කසළ ඉවත් කිරීමට දායක වූ සේවක පිරිස් ද වී.වී.අයි.පී. පිවිසුමෙන් දළදා වැඳ වාර්තාවක් ද තබා තිබේ.

මෙකී නොකී සියලු‍ වාර්තා මෙරට පුවත් මැවූ සිද්ධීන් බවට පත් වූයේ මෙවර ශ්‍රී දළදා වන්දනාවෙනි. 

මුළු ලොවෙහිම අවධානය යොමු වූ මෙම මහා පූජනීය කටයුත්තේ දී සිදුවූ අරුම පුදුම සිදුවීම් ගැන කතා කළද, එහි ඉදිරියෙන් සිට මහා කර්තව්‍යයක් ඉටුකළ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ හිමිවරුන්, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා, ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ට මෙම අවස්ථාව උදාකර දීම සඳහා යෝජනාව ගෙන ආ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජයට සම්බන්ධ අනෙකුත් දේශපාලනික ක්‍රියාකාරීන්ද මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද ස්වේච්ඡා සංවිධානද පාසල් සිසු සිසුවියන්ද නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු අනෙකුත් පිරිස් සිදුකළ අනූපමේය කැපකිරීම් සහ සේවාවන් නොවන්නට, මෙම මහා පුණ්‍ය කටයුත්ත සාර්ථකව නිමා කර ගැනීමට නොහැකි වෙනු ඇත.

ලොව ක්‍රිකට් තරග පවත්වන රටවල් අතර මහනුවර නගරය ප්‍රසිද්ධියට පත්ව සිටියේ, තරගයක් අතරතුර වර්ෂාව ඇද හැළුණහොත්, වැසි ජලයෙන් ක්‍රීඩාපිටිය ආරක්‍ෂා කර ගැනීම සඳහා ඉතාමත් වේගයෙන් ක්‍රීඩාපිටිය ආවරණය කිරීමට හැකියාවක් ඇති පිරිසක් සිටින නගරය වශයෙනි. 

මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින්, මහනුවර ක්‍රිකට් ක්‍රීඩාංගන භාර කළමනාකරු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කරන ජානක පතිරණගේ උපදෙස් පරිදි සිදු කරන එම කටයුත්ත, ලෝකයේ දියුණුම තාක්ෂණය ඇතිව ක්‍රිකට් ක්‍රීඩා කරන රටකවත් මෙතෙක් දැකිය නොහැකි කටයුත්තක් බව ක්‍රීඩා විස්තර විචාරකයන්ගේ මතයයි.

මහනුවර ඓතිහාසික පෙරහර අවසානයේ සිදු කරන නගර පිරිසිදු කිරීම ද, මෙරට අනෙකුත් නගරවල දැකිය නොහැකි ආකාරයේ ඉතා වේගවත් පිරිසිදු කිරීමකි. මහනුවර ඓතිහාසික පෙරහර පැවැත්වෙන දින 11 තුළ, මහනුවර නගරයට ලක්ෂ දහයකට ආසන්න පිරිසක් එක්රැස් වෙති. පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර මඳක් කලින් නිමා වුවද, රන්දෝලි පෙරහර ආරම්භ වීමත් සමග එය හමාරවීමට රාත්‍රී දහය පසු වුවත්, අවසන් රන්දෝලි මහ පෙරහර නිමා වීමට මධ්‍යම රාත්‍රිය ගතවුවද එම සියලු‍ පෙරහර නිමා වී පැයකටත් අඩු කාලයකදී පෙරහරේ මාර්ගවල ඉතුරු වෙන අලි වසුරු, කොප්රා අඟු‍රු ඇතුළු බැතිමතුන් දමා යන අනෙකුත් අපද්‍රව්‍ය නගරයෙන් ඉවත් කිරීමේ කාර්යක්ෂම සේවාවක් මහනුවර මහ නගර සභාව විසින් සිදු කරන ආකාරය කාගෙත් කතා බහට ලක්වෙන සිද්ධියකි.

මහනුවර ඓතිහාසික පෙරහර මහනුවර නගරයේ ගමන් කරන දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොටුගොඩැල්ල වීදිය, යටිනුවර වීදිය, කොළඹ වීදිය, රජ වීදිය, කුමාර වීදිය, කන්දේ වීදිය ආදි වීදිවල පෙරහර ගමන් කොට එය හමාර වී පෙරහර නරඹා යන බැතිමතුන්ට පවා ප්‍රශ්නයක් වී ඇත්තේ එහි වීදිවල තිබූ කසළවලට කුමක් ද සිදු වූයේ යන්නයි.

මහනුවර මහ නගර සභාවේ එදා මෙදා තුළ සිටි කොමසාරිස්වරුන්ගේ උපදෙස් පරිදි, මනා සංවිධානයකින් යුතුව සිදුකරන එම කටයුත්ත, මෙවර ශ්‍රී දළදා වන්දනාවේදී ද ප්‍රායෝගික අත්දැකීමක් වූයේ ද යන්න මහනුවර මහනගර සභාවේ වත්මන් නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරී අබේසිංහ මහත්මියගෙන් සිදුකළ විමසීමක දී, ඇයගේ පිළිතුර වූයේ ‘‘ඔව් අපිට එම අත්දැකීම මහෝපකාරී වූවා’’ යන්නයි.

මෙවර ශ්‍රී දළදා වන්දනාවේ දී ටොන් 650 කට ආසන්න කසළ තොගයක් එකතු වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතාමත් අවිධිමත් ලෙස දන්සල් පැවැත්වීමයි. නාගරික කොමසාරිස්වරිය පවසා සිටියේ, මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකකයට, හය දහසකට ආසන්න පිරිසක් දන්සල් පැවැත්වීම සඳහා ලියාපදිංචි වී සිටි බවයි. එහෙත් එම පිරිස ක්‍රමවත්ව එම කටයුත්ත සඳහා යෙදවීමට සුදුසු නියාමනයක් සිදු කළේ නම් මෙතරම් කසළ තොගයක් එක් නොවනු ඇති බව ඇගේ අදහසයි.

කටුගස්තොට මාර්ගයේ රැඳී සිටි බැතිමතුන්ට පොරකමින් දන්සල් බෙදද්දී, වැව රවුම දෙසින් විහිදුණු පෝලිම් දෙකේ අවසන් කොටස්වලට කිසිදු ආකාරයක් දන්සල් පැවැත්වූවන්ගෙන් නොලැබුණ බවට තොරතුරු වාර්තා විය. කටුගස්තොට මාර්ගයේ රැඳී සිටි බැතිමතුන්ට ලබාදුන් බත් පාර්සල්, කෙටි ආහාර බෑග්, ජල බෝතල් විවෘත කර හෝ නොමැතිව මහමග විශාල වශයෙන් අතහැර ගොස් තිබෙන ආකාරය දැක ගතහැකි විය.
කරුණු කාරණා කෙසේ වෙතත්, දින දහයක් තුළ දී කසළ ටොන් 650කට ආසන්න ප්‍රමාණයක්, මෙරට පළාත් පාලන ආයතන ඉතිහාසයේ කිසිදු පළාත් පාලන ආයතන භූමියක එකතු වී ඇති බවක් නම් අසා නොමැත. එය ලොව වෙනත් රටක පවා සිදුවීමක් නොවන්නට පුළුවන. මෙම කසළ, මිශ්‍ර කසළ වශයෙන් පැවතීමද නගර සභා බලධාරීන් මුහුණ දී තිබූ තවත් බරපතළ ගැටලු‍වකි.

මෙම කසළ කොළඹට ප්‍රවාහනය කොට දහනය කිරීමට යෝජනා වුවද, එය වියදම් අධික කටයුත්තක් බැවින් එය සිදු නොවනු ඇති බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ඒ.බී.එස්. අභයකෝන් පැවසීය.

සාකච්ඡා කළ මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් එහි පිටුපස සිටින දැවැන්තම චරිතය වූ මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහගෙන් කළ විමසීමක දී ඇය පවසා සිටියේ මෙවැනි කතාවකි.

‘‘මේ උතුම් කටයුත්තේ දී මහනුවර මහනගර සභාවට වගකීම් කිහිපයක්ම පැවරුණා. මූලිකම වශයෙන් පානීය ජලය සැපයීම, සෞඛ්‍ය මෙන්ම සනීපාරක්ෂක පහසුකම් සැපයීම, ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සහ හදිසි ආපදා තත්වයන්හිදී ආපදා කළමනාකරණය යන කරුණු විශේෂයෙන් පැවරුණත්, ජනාධිපතිතුමා විශේෂ ඉල්ලීමක් සිදු කරනු ලැබුවා බැතිමතුන් රැඳී සිටින පෝලිමට අව් වැසි  ආවරණ සකසා දෙන ලෙස. එම කටයුතු සම්බන්ධයෙනුයි අපගේ විශේෂ අවධානය යොමු වුණේ.

මේ පහසුකම් සැලසීමට අප සූදානම් වුණේ මහනුවර මහ නගර සභා බලසීමාව තුළයි. දිනකට අපි බලාපොරොත්තු වුණේ බැතිමතුන් පනස් දහසක් පමණ. ජංගම වැසිකිළි සියයක් ස්ථාපිත කිරීමට යෝජනා වුණා. ඒ අනුව ජනාධිපති ලේකම්තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ කාර්යාලය ඒ සඳහා දායකත්වය ලබා දුන්නා. ශ්‍රී ලංකා යුද හමුදාවෙනුත් තවත් වැසිකිළි පද්ධති කිහිපයක්ම ලැබුණා. 

අප්‍රේල් 18 වැනිදා දළදා වන්දනාව ආරම්භ වීමට නියමිතව තිබුණද, 16 වෙනිදා සිටම බැතිමතුන් පැමිණීමට පටන් ගත්තා. දින කිහිපයක් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දළදා වන්දනාව සිදු වුවත්, වන්දනා කාලය පැයක් දීර්ඝ කළා කියා ප්‍රකාශයට පත් වූවායින් පසුව, සිතාගත නොහැකි ආකාරයට පෝලිම් දික් වෙන්න පටන් ගත්තා. දිනකට ලක්ෂය ඉක්ම වූ බැතිමතුන් පිරිසක් රාත්‍රී ගත කිරීමට පටන් ගත්තා. අම්පිටිය ප්‍රදේශයෙන් පැමිණි පෝලිම් දෙක අපගේ නගර සභා බළ සීමාවෙනුත් එපිටට දික්වූ බැවින්, ඔවුන්ට ද පහසුකම් සැලසීමට අපට සිදු වුණා. මීටර් සියයෙන් සියයට වගේ ජල කරාම සහ වතුර ටැංකි සවිකොට තිබුණත් බොහෝ බැතිමතුන් පෝලිමෙන් විතැන් වී එම පහසුකම් ලබා ගැනීමට මැළිකමක් දැක්වූවා.

දන්සැල් ලියාපදිංචි වී තිබුණා හයදාස් අටසීයකට ආසන්න ප්‍රමාණයක්. ලියාපදිංචි නොවී තවත් බොහෝ අය දන්සල් දුන්නා. 

නගරය පිරිසිදු කිරීම් කටයුතුවලට නගර සභාවෙන් විශාල පිරිසක් යොදවා තිබුණා. ඊට අමතරව ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි, ප්‍රධාන ලේකම්තුමා, අමාත්‍යාංශ ලේකම්තුමිය මෙන්ම පළාත් පාලන කොමසාරිස්තුමිය ඇතුළු ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්, මහනුවර අවට වෙනත් පළාත් පාලන ආයතනවල සේවකයන් ද යොදවා තිබුණා.

කසළ එකතු කරන සේවකයන් විශාල කැපවීමකින් යුතුව එම කටයුත්ත සිදු කරනු ලැබුවා. ඔවුන්ට දළදා වඳින්න යාමට හෝ අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. ඒ අනුව ආණ්ඩුකාර තුමාගේත් ප්‍රධාන ලේකම්තුමාගේත් අවසරය පරිදි, දියවඩන නිලමේතුමාට මම යෝජනාවක් ඉදිරිපත් කළා. එම පිරිසට එම අවස්ථාව ලබාදෙන ලෙස. 

දියවඩන නිලමේතුමාත් එම යෝජනාවට ඉහළ එකඟතාවක් පළකොට අවසාන දින තුනේ ඔවුන්ට විශේෂ පෝලිමක් ඔස්සේ දළදා වඳින්න අවස්ථාව ලබා දුන්නා. ඔවුන්ගෙන් ඊට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. එම සේවකයන් වී.වී.අයි.පී. වුණේ ඒ ආකාරයටයි’’.

නගරය පිරිසිදු කිරීම් කටයුතුවල දී ස්වෙච්ඡා සංවිධාන විශාල ප්‍රමාණයක් දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන් මහනුවර පාසල්, ධර්මරාජ, මහාමායා ඇතුළු නගරයේ පාසල්වල දරුවන් දින වෙන් කරගෙන හැට දෙනාගේ කණ්ඩායම් වශයෙන් පැමිණ පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදුණා. ඊට අමතරව, බාලදක්ෂ ව්‍යාපාරය, වයඹ තාක්ෂණ විද්‍යාලය, විවිධ ඇඟලු‍ම් ආයතන, පරිසර කමිටු 45 සාමාජිකයන්, විවිධ විහාරස්ථානවල හිමිවරුන්, මහනුවර අවට මූල්‍ය ආයතනවල සේවකයන් ඇතුළු ආයතන 125ක පමණ ස්වේච්ඡා සේවකයන් මෙම නගරය පිරිසිදු කිරීමේ පුණ්‍ය කටයුත්තට අත ගැසූ බව ද කොමසාරිස්වරිය පැවසුවාය.

එහිදී ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මහනුවර රෝග බෝවීමේ කිසිම අවදානමක් මේ වෙන විට නොමැති බව වගකීමෙන් යුතුව පවසන බවයි. අපට තියෙනවා මධ්‍යම අප ජල කළමනාකරණය කිරීමේ පද්ධතියක්. සියලු‍ වැසිකිළි සම්බන්ධ කොට තිබුණේ එම අප ජල පද්ධතියටයි. මෙතරම් විශාල ජනතාවක් මහනුවර නගරයට එක් රොක් වුවත්, වසංගත රෝග තත්ත්වයක් ඇති නොවූ බවද කොමසාරිස්වරිය අවසන් වශයෙන් පැවසීය.

ෂේන් සෙනෙවිරත්න



අදහස් (0)

සිරි දළදා වන්දනාව පසු විපරම

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 15 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 27 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 12 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 14 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 61 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 22 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site