IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි චරිත් දිල්ෂාන් ගම්පොළ, අටබාගේ, ඉහළගම පදිංචි නිවසේ දී සියදිවි නසාගත් සිද්ධිය මූලික කරගෙනය. නවකදය සම්බන්ධව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙහි දිගු ඉතිහාසයක් පවතින අතර  වාමාංශික ව්‍යාපාරයේ ව්‍යාපෘතියක් ලෙස  ලංකාවේ විශ්‍වවිද්‍යාල ගිලගත් රැග්වලට අද වෙන විට අවසාන වින්දිතයන් ලෙස මුහුණ දීමට සිදුව ඇත්තේ උපාධි සිහිනය වෙනුවෙන් විශ්ව විද්‍යාලයට ගොඩ වුණු අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට ය. 

විශ්‍වවිද්‍යාලවල ඉහළ වසරේ සීනියර් කියාගත්තවුන් පෞරුෂය ගොඩ නඟන්න යැයි ඔවුන්නේ අසහනකාරී හීනමානය වසාගන්නට කරන ත්‍රාඩ අමානුෂීය ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස ජීවිතයෙන් වන්දි ගෙවන්ට සිදු වූ තරුණ ජීවිත බොහෝය . ඉන් සබරගමුව විශ්‍ව විද්‍යාලයේදීම දැඩි ලෙස නවක වදයට ලක් වී මානසික පීඩාවට පත්ව මීට වසර 10 කට ඉහතදි සියදිවි නසාගත් අමාලි චතුරිකා තරුණිය අමතක කළ නොහැකිය.   2015 වසරේදී අමාලි ජීවිතය නැති කරගත්තේ ඇයට අමානුෂික ලිංගික වද හිංසා පැමිණ වූ අයවලුන්ගේ නම ගම් ලිපියක සඳහන් කරමින් වුණත් ඇයට වදහිංසා පැමිණ වූ මාෂා  සහ ඉසුරු යන සැකකරුවන් දෙදෙනාට ක්‍රියාත්මක වූ නීතියක් නැත. එවකට සබරගමු විශ්‍වවිද්‍යාලයේ උපකුලපතිවරයා නවක වදය ලබාදුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනී සිටිමින් අමාලි මරණයට හේතු වූ සැකකරුවන් සහ ඒ සාක්ෂි වසන් කළේය. ඇය දිවියෙන් සමුගෙන වසර දහයක් ගොස්ය. ඇයට වූ  සාධාරණයක් නැත.

සබරගමු  විශ්ව විද්‍යාලයේ නවක වදය කියමින් විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය සංගම් විසින් සිදු කරන ප්‍රචණ්ඩාන්තය සහ ලිංගික හිංසනවල ගොදුර වූ අලුත්ම බිල්ල චරිත් දිල්ශාන් තරුණයාය. නවක වදය නිසා මෙලෙස ජීවිතයෙන් වන්දි ගෙවා ඇත්තේ සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ  දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 22 හැවිරිදි චරිත් දිල්ශාන් සිසුවා ය.

"චරිත් යට ඇඳුමින් නේවාසිකාරය පුරා ඇවිද්දෙව්වා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ අය චරිත්ට හරියට පහර දුන්නා , තමන්ට ඒ පීඩාව දරාගන්න නොහැකි බව චරිත් පැවසුවා යැයි ඔහුගේ විශ්ව විද්‍යාල මිතුරෙක්  ඉරිදා ලංකාදීපයට තහවුරු කළේය. නවක වදය ක්‍රියාත්මක කරන සිසුන්ගේ දරුණු බව නිසාම එම සිසුහු තම අනන්‍යතාව හෙළිකිරීමට අකමැත්ත පළ කරති . 

"එදා Main එකේ අවුරුදු උත්සවේ. ඒකෙ වැඩ ගොඩක් කළා ටෙක් එකේ අය. පාන්දර 2 වෙනකම් එදා වැඩ කළා. ඒ වැඩ කරලා හොස්ටල් එකට ආවට පස්සේ චරිත් කොට කලිසමක් ඇඳන් හිටපු එකේ පනිෂ්මන්ට් එකට අයියලා අපි හැමෝම දණ ගස්සලා තිබ්බා. ඒ මැරුණ ළමයා එක්ක අයියලා පුදුම තරහකින් ඉඳලා තියෙන්නේ. ටෙක් එකේ ඉන්නවා මහත අයියා කෙනෙක්. එයා තමයි චරිත්ට සෑහෙන්න වද දුන්නේ. අපි දෙවැනි වසරේ අධ්‍යාපනය ලැබූවාට  විශ්වවිද්‍යාල උපසංස්කෘතිය අනුව  "සෝෂල් වී& අවසන් වෙලා තිබුණේ නැති නිසා කොට කලිසම් ඇඳීම තහනම්. චරිත් දිල්ශාන් නේවාසිකාගාරය තුළ කොට කලිසමක් ඇඳ සිටීම ඔහුට නවක වදය දීමට හේතුවන්නට ඇති කියලා විශ්‍වාස කරනවා, එක් සිසුවෙක් කියා සිටියේ ය.

චරිත් කොට කලිසමක් ඇඳගෙන කාමරෙන් එළියට ආව කියලා  ජ්‍යෙෂ්ඨයෝ ටිකක් චරිත් අරගෙන ගිහින් කලිසම ගලවලා දණ ගස්සවලා මේසයක් උඩ නග්ගලා තිබුණා. අපි එතැනට යද්දි ඇඳුම් ගලවලා යට ඇඳුම පිටින් හිටියේ. එයා ගේ ඇස්වල කඳුළු. චරිත්ට හොඳටම වද දීලා තිබුණා. එතන හිටපු අයියා කෙනෙක් චරිත්ගේ බෙල්ලෙන් අල්ලා තද කරගෙන කුණුහරුපෙන් බැන්නා. ඒ  වෙලාවෙ චරිත් අඬලා කියලා තියනවා &මෙහෙම කරන්න එපා. ලැජ්ජයි& කියලා. 
(මියගිය සිසුවාගේ ළඟම මිතුරෙක්)

 

එම සිද්ධිය සම්බන්ධව අදහස් දැක් වූ ශිෂ්‍යයන්ට අනුව මිය ගිය සිසුවා සමඟ කලක සිට ඉහළ වසර සිසුන් යම් තරහකින් සිටි බව පැහැදිලි ය. මියගිය චරිත්ගේ ළඟම මිතුරා අපට කියා සිටියේ මෙවැන්නකි. 

“අපට සෝෂල් ඉවර වෙලා නැති නිසා කොට කලිසම් අඳින්න එපා කියලා තියෙන්නේ. 26 වැනිදා හොස්ටල් එකේදි චරිත් කොට කලිසමක් ඇඳගෙන කාමරෙන් එළියට ආව කියලා  අපේ තට්ටුවෙම කාමරවල හිටපු ජ්‍යේෂ්ඨයෝ ටිකක් චරිත් අරගෙන ගිහින් තිබුණා. ඊට පස්සේ කලිසම ගලවලා දණ ගස්සවලා විනාඩි 45ක් විතර මේසයක් උඩ නග්ගලා තිබුණා. අපි එතනට යද්දි ඇඳුම් ගලවලා යට ඇඳුම පිටින් හිටියේ. එයාගේ ඇස්වල කඳුළු චරිත්ට හොඳටම වද දීලා තිබුණා. එතන හිටපු අයියා කෙනෙක් චරිත්ගේ බෙල්ලෙන් අල්ලා තද කරගෙන කුණුහරුපෙන් බැන්නා. ඊට පස්සේ යට කලිසම පිටින් හාවෝ පැන පැන යන්න කිව්වා.  

ඒ  වෙලාවෙ චරිත් අඬලා කියලා තියනවා &මෙහෙම කරන්න එපා. ලැජ්ජයි& කියලා. ඊටපස්සේ චරිත් නැගිටින්න හදනකොට එතන හිටපු අයියා කෙනෙක් චරිත්ට පයින් ගැහුව්වා. ඒත් එක්කම චරිත් ගිහින් කබඩ් එකේ වැදුණා. චරිත් මීට පෙර තුන් වතාවක් වගේ රැග් වෙලා තියෙනවා.  ඒ වගේම මාසෙකට විතර කලින් අපි විශ්විද්‍යාලයේ විනය පාලකට පැමිණිලි කළා, ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් අපිට සිදුවන ප්‍රචණ්ඩාන්තය සහ ලිංගික හිංසන ගැන .නමුත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිසිම පියවරක් ගත්තේ නැහැ. ලිංගික හිංසනය නිසාම විශ්‍ව විද්‍යාල ගමන නතර කරලා ගෙදර ගිය සිසුන් පවා ඉන්නවා. "

නවක වදය නම් පිළිලය තුරන් කිරීම සඳහා මෙරට නීතියෙන් ද විධිවිධාන එක් කර ඇත. ඒ අනුව ඒ සම්බන්ධයෙන් හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවාගෙන් කරුණු විමසූ අතර එහිදී නවකවදයෙහි පැතිකඩ දෙකක් පවතින බවත් නවකවදය යනු අමානුෂික ලෙස වදහිංසනයන්ට ලක් කිරීම බවත් ඔහු ප්‍රකාශ කළේ ය. 1998 අංක 20 දරන පනත මගින් වදහිංසා සහ නවක වදය වැළැක්වීමට පියවර ගත් බවත් ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහය යටතේත් මෙවැනි ක්‍රියාවලට දඬුවම් පැමිණවිය හැකි බවත් ලංකාවේ සවිමත් නීති පද්ධතියක් මේ වෙනුවෙන් සකසා ඇති බවත් හෙතෙම පැවසීය. 

"යම්කිසි පුද්ගලයෙකු මෙවැනි හිංසාවක්, පීඩාවක්, වදරක් කළොත් හරි පෙළඹුණොත් හරි මහේස්ත්‍රාත් අධිකරණයක නඩු විභාග කර අවුරුදු දෙකක් දක්වා බන්ධනාගාර ගත කරන්න පුළුවන්. වධහිංසනයට ලක් වූ පුද්ගලයාට අධිකරණ වෛද්‍යවරයා හරහා වන්දියක් වුණත් ගන්න හැකියාව තිබෙනවා. එහිදී නවක වදය දෙන අයගෙ පන්ති තහනම්වීම්, ශිෂ්‍යභාවය අහෝසි වීම් සිදුවනවා. මේක තමයි නීතිය. මෙතනදි වැදගත්ම කාරණය තමයි නවක වදය වැළැක්වීම සඳහා සියලුම ආයතන එකාබද්ධ වීම. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශය ,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලුම විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය උපදේශකවරුන්ට පුළුවන් අදාළ ශිෂ්‍යයන්ට දඬුවම් ලබාදෙන්න&

නීතිඥවරයා මෙසේ පැවසුවද විශ්වවිද්‍යාල මට්ටමින් මෙම ගැටලුව විසඳා ගැනීමට දක්වන සහාය පිළිබඳ  ප්‍රශ්නාර්ථයක් ඇත. චරිත් දිල්ශාන්ගේ මරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අප සබරගමුව විශ්වවිද්‍යාලයේ විනය පාලක (Marshall) තීක්ෂණ දිසානායකගෙන් විමසීමක් කළද ඔහු ප්‍රකාශ කර සිටියේ  ප්‍රචණ්ඩාන්තය සහ ලිංගික හිංසන   සම්බන්ධ සිසුන්ගෙන් හෝ එම ශිෂ්‍ය කණ්ඩායම්වලින් කිසිදු පැමිණිල්ලක් තමා වෙත ලැබී නොමැති බවයි.
"මට පුද්ගලිකව මෙම ශිෂ්‍ය කණ්ඩායමෙන් පැමිණිල්ලක් ඇවිත් නැහැ. වෙනත් ශිෂ්‍යයන්ගෙන් සමහර සුළු සුළු සිද්ධි ගැන පැමිණිලි ආපු අවස්ථා තිබෙනවා. ඒවා මම උපකුලපති වෙත යවා තිබෙනවා.” 

නමුත් විශ්ව විද්‍යාලයේ විනය පාලකවරයා ඔහුට මේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා දිය නොහැකි බව පැවසීය. ‌ 

මෙම සුළු පැමිණිලි සඳහා පියවර ගැනීමට කල් ගත වූයේ ඇයි දැයි ගැටලුවකි. කෙසේ නමුත් එම ශිෂ්‍ය කණ්ඩායම මීට පෙර පැමිණිලි කළද ඊට කිසිදු විමර්ශනයක් සිදු නොවුණ බවට සිසුහු චෝදනා එල්ල කරති. 

අනේ මම ඉල්ලන්නේ මගේ පුතාට වෙච්ච දේ කාටවත් වෙන්න දෙන්න එපා. තවත් දරුවෙකුට ඒ වගේ දෙයක් වෙන්නේ නැතුව එයාට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. (මියගිය සිසුවාගේ මව)

මෙම ගැටලුව සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකි ආකාරය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය කලන සේනාරත්න අප වෙත කරුණු දැක්වීය. 

"මෙහිදී ප්‍රධාන වන කරුණු දෙක තමයි විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුරේ සිට පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් හරහා නේවාසිකාගාරවල ඉන්න warden/sub-warden වැනි තනතුරු හොබවන අධ්‍යයනික සහ අනධ්‍යයනික සේවක මණ්ඩලයේ නවක වදය නැවැත්වීමට ඇති කැපවීම බෙහෙවින් බලපානවා.  බොහෝ වෙලාවට නවක වදයෙහි නිරත වන සිසුන්ට එසේ නිරත වීමේ හැකියාව ලැබී ඇත්තේ පාලන අධිකාරිය මේ සම්බන්ධව කටයුතු කරන සහ නවක වදය සම්බන්ධව දක්වන ආකල්පය මතයි. උදාහරණයක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 'ගෙම්බා' ආපනශාලාවේදී මීට වසරක කිහිපයකට පෙර සිදුවු සිසුන්ට පහර දීමකදී, එම පහර දුන් සිසුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේදී උපකුලපති තුමාත් ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ඇතුළු ආචාර්ය මණ්ඩලයත් එක මතයක සිටීම බෙහෙවින් වැදගත් වුණා.

අනික් කාරණය තමයි විශ්ව විද්‍යාලයෙහි නවක වදය හා අදාළ වන අනු නීති (by-laws) සහ රෙගුලාසි ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත්. ඊට හේතුව තමයි මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිමය කටයුතු නිම වීමට පෙර, යම්කිසි සිදුවීමක් ගැන ඉක්මනින් සහ සිසුන්ට (හිංසනයෙහි යෙදෙන සහ ලක්වෙන දෙපිරිසටම) දැනෙන පරිදි ක්‍රියාමාර්ග ගත හැක්කේ විශ්ව විද්‍යාලයෙහි පවතින නීතිමය රාමුවෙන්. එම රාමුව ශක්තිමත් වීමත් ඒ සම්බන්ධව තීන්දු ගන්නා පුද්ගලයන් නවක වදයට එරෙහි වීමත් නවක වදය මර්දනය කිරීමට බෙහෙවින් බලපානවා."

මිය ගිය චරිත් දිල්ශාන්ගේ මව පවසන පරිදි විශ්‍ව විද්‍යාලයේ ඔන්ලයින් දේශන පැවතිය ද ඔහු පසුගිය අප්‍රේල් මස 26 වැනි දා විශ්ව විද්‍යාලයට ගොස් ඇත්තේ මහපොළ ශිෂ්‍යාධාර සම්බන්ධ ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා ය.  එහිදී ඔහු මෙලෙස නවක වදයට ලක් වී ඇති බව මව මාධ්‍ය හමුවේ පැවසීය.

විශ්‍වවිද්‍යාලවල ඉහළ වසරේ සීනියර් කියාගත්තවුන් පෞරුෂය ගොඩ නඟන්න යැයි ඔවුන්නේ අසහනකාරී හීනමානය වසාගන්නට කරන ත්‍රාඩ අමානුෂීය ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස ජීවිතයෙන් වන්දි ගෙවන්ට සිදු වූ තරුණ ජීවිත බොහෝය . ඉන් සබරගමුව විශ්‍ව විද්‍යාලයේදීම දැඩි ලෙස නවක වදයට ලක් වී මානසික පීඩාවට පත්ව මීට වසර 10 කට ඉහතදි සියදිවි නසාගත් අමාලි චතුරිකා තරුණිය අමතක කළ නොහැකිය.  සබරගමු  විශ්ව විද්‍යාලයේ නවක වදය කියමින් විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය සංගම් විසින් සිදු කරන ප්‍රචණ්ඩාන්තය සහ ලිංගික හිංසනවල ගොදුර වූ අලුත්ම බිල්ල චරිත් දිල්ශාන් තරුණයාය.

"එයාට ගොඩාක් වද දීලා, හැට්ට කට්ටෙනුත් ඇනලා, පුතාව තල්ලු කරලාත් තියෙනවා . එයා ගෙදර ආවට පස්සේ අම්මට මූණ දුන්නෙත් නැහැ. එයාගේ ඇඳුම් ගලවලා වද දුන්නා කියලා අපි දැනගත්තේ පස්සේ.  මගේ පුතාට කිසිම මානසික ගැටලුවක් තිබුණේ නැහැ. දරුවාට විශ්ව විද්‍යාලය තුළ අමානුෂිකව වද දීලා තමයි දරුවාගේ මනස විකල් කරලා තියෙන්නේ. මගේ දරුවා කාටවත් කිසිම කරදරයක් නැති අහිංසක දරුවෙක්. එයා ලියුමෙවත් එයාට මානසිකට ශාරිරිකව පීඩා කරපු අය ගැන කියලා නැහැ. එයා කාවවත් පාවා දීලා නැහැ.

අනේ මම ඉල්ලන්නේ මගේ පුතාට වෙච්ච දේ කාටවත් වෙන්න දෙන්න එපා. තවත් දරුවෙකුට ඒ වගේ දෙයක් වෙන්නේ නැතුව එයාට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න.

ඒ තම දරුවා වෙනුවෙන් අම්මාගේ අවසන් ඉල්ලීමය. 

සියදිවි හානි කරගත් චරිත් දිල්ශාන් දිවි හානි කර ගැනීමට පෙර ඔහු ලියා තැබූ බවට සලකන ලිපිය තුළ දක්වා ඇති කරුණු  අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන  විමර්ශනයන්ට බලපෑමක් වේ දැයි ද අපි  මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් විමසා සිටියෙමු. 

"ලියුමෙ නැති වුණාට ඒ ළමයා යාළුවන්ට, අම්මට තාත්තට කියල ඇතිනෙ තමන්ට වුණු අසාධාරණය පිළිබඳව. ඒ ගැන මුල ඉඳලා හොයන්න ඕනෑ. ලියුමෙ නැහැ කියලා ළමයට සිදුවුණ සිදුවීම වළපල්ලට යන්න දෙන්න බැහැ. කොහෙන්ද ඒ පීඩනය ආවෙ ? ජීවිතය නැතිකරගන්න තැනට පත්වුණේ ඇයි? ඒ ගැන හොයල බලන්න ඕනෑ. විශ්වවිද්‍යාල ගුරුවරයා හා ළමයා අතර තියෙන සහසම්බන්ධතාව අඩු බව මෙවැනි දේවල් සිදුවෙන්න හේතුවක් වෙනවා.  ලියුමෙ කිසිම දෙයක් නැහැ කියල අපිට ඒක ඉවත දාන්න බැහැ . ලියුමේ තොරතුරුවලට වඩා වටපිටාවේ තියෙන හේතු සාධක මේ විමර්ශනයට ප්‍රබල හේතු සාධක විය හැකියි. “

තමාට විශ්ව විද්‍යාල ඉහළ වසරේ සිසුන් කොයි තරම් වද හිංසා කළත් වද හිංසා කළ වුන් හොඳින් දැන හඳුනාගෙන සිටියත් මැරෙන මොහොතේ ලියු ලිපියේ ඒ කිසිවෙකුටත් චරිත් වරද පටවා තිබුණේ නැත. එහෙත් චරිත්ට ජීවිතය තිත්ත කළ වුන්ගේ හෘද සාක්ෂිය මේ මොහොතේත් වද වේදනා විඳින බව ඒකාන්තය.  

කෙසේ නමුත්  සාධාරණයක් ඉටු නොවු සබරගමුවේ අමාලි චතුරිකා සිසුවියටත්, ඉන්පසුව බිල්ලක් වූ චරිත් දිල්ශාන් සිසුවාටත් සාධාරණයක් ඉටු වෙනතුරු සියලු දෙනා බලා සිටිති.  මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙහි චරිත්ලා චතුරිකාලාට සිදු වූ ඉරණම තවත් සිසුවෙකුට අත් නොවීමට සියලුම වගකිවයුත්තන් වගකීම් සහගතව කටයතු කිරීම අත්‍යවශ්‍ය වේ. නැතිනම් සිදුවන්නේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ සරසවි හීනය නවක වදය නම් බිල්ලට හසුව වළ දැමීමයි.   

සුදර්ශනි කෝණාර

 



අදහස් (0)

සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 16 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 27 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 12 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 14 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 61 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 22 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site