IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තේ දල්ලෙන් හදන්නේ තේ විතරක් නෙවෙයි

මෙතෙක් කලක් අප උත්තේජක පානයක් ලෙස පාරිභෝජනයට ගත් නැවුම් තේ දල්ලෙන් රසකැවිලි වර්ග හා අයිස්ක්‍රීම් සාදනවා යයි කීවොත්, බොහෝවිට බොහෝ අය පුදුම​ෙවනු නොඅනුමානය. එසේ ඔබ පුදුම වූවාට අපි පුදුම නොවෙමු. ඔබ මෙන්ම මෙතෙක් කලක් අපද දැන සිටියේ තේ දල්ලෙන් කළ හැකි එකම කාර්යය උත්තේජක පානයක් සෑදීම පමණක් බව කියාය.
ශ්‍රී ලාංකීය තේ කලාව නව මානයකට ගෙන යමින් තේ නිෂ්පාදනයෙන් රටට ඩොලර් මවන, පිටිගල අතුකෝරල තේ කර්මාන්ත ශාලාව මේ නවතම සොයා ගැනීම සිදු කර තිබේ. එහි වත්මන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂක අනුර තිලක් අතුකෝරල ගේ  නව්‍ය සංකල්පයකට අනුව තේ දල්ලෙන් මේ රස කැවිලි සහ අයිස්ක්‍රීම් නිෂ්පාදනය සොයා ගෙන තිබේ.


මේ පිළිබඳ ආරංචිය ලද මුත්, අපි එය නොපිළිගත්තෙමු. තේ දල්ලට එච්චර හරියක් කළ හැකි යැයි අප නොසිතූ නිසාවෙනි. මෙතෙක් කලක් එවැනි නිෂ්පාදනයක් ගැන අප නොඅසා තිබීමත් - එය පිළිනොගැනීමට තවත් හේතුවක් විය. එබැවින් අපි මෙය පැහැදිලි කරගෙන ඉරිදා ලංකාදීප පාඨකයන්ට මේ නවතම සොයා ගැනීම ගැන  පිටිගල අතුකෝරල තේ කර්මාන්ත සමූහයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක අනුර තිලක් අතුකෝරල ගෙන් මේ පිළිබඳව විමසූවෙමු .
“ඔව් අපි තේ දල්ලෙන්  අයිස් කීම් හදනවා. ඒ විතරක්ම නෙමෙයි රස කැවිලි වර්ග රැසක්ම හදනවා” යැයි හෙතෙම  බොහෝම නිහතමානීව කීවේය. “කොහොමද ඒක කරන්නේ” යැයි අප ඒ මහතාගෙන් ඇසූවේ, ඒ පිළිබඳ වැඩිමනත් තොරතුරු දැනගැනීමේ  අටියෙනි. 
“මම කියන දේ ඔය ගොල්ලන්ට විශ්වාස කරන්න අමාරුයි නේද? කොහොමද තේ දල්ල අමු දලුවක් ලෙස යොදා ගෙන අයිස්ක්‍රීම්  සහ රස කැවිලි  හදන්නෙ කියන එක ගැන පුදුමයි නේද? ඔයාලාට තියෙන විස්මය බොහෝ අයටත් තිබුණා. එහෙනම් අපේ නිෂ්පාදන අංශයට ඇවිල්ලා අපේ තරුණියන් තේ දල්ලෙන් රසට හදන අයිස් කීම් එකක් කාලා ඒවා හදන හැටිත් බලා ගන්නකෝ” යි කියූ ඒ මහතා  පිටිගල අතුකෝරල කර්මාන්ත ශාලාවට පැමිණෙන ලෙස අපට ආරාධනා කළේය.
ඒ අනුව එහි ගිය අපිට ඇස් අදහාගත නොහැකි විය.  මෙම තේ කර්මාන්ත ශාලාවේ වෙනමම අංශයක තේ දල්ලෙන් අයිස්ක්‍රීම්  සහ  රසකැවිලි නිෂ්පාදනය කරමින් තිබෙනු අපි සියැසින්ම දුටුවෙමු . ඒ සඳහා  අති නවීණ උපකරණ රැසක්ම මිලදී ගෙන තිබෙනු දක්නට ලැබූ අතර විශ්වවිද්‍යාලයේ සීමාවාසික සිසුවියන් තමන්ගේ සියුමැලි දෑතින් මේ හපන්කම කරමින් සිටිනු දක්නට ලැබිණ. ඔවුහු යුහුසුළුව තේ දල්ලෙන් අයිස් කීම් සහ තේ කේක්, තේ බිස්කට්, තේ මාෂ්මෙලෝස් මෙන්ම තේ වොෆල්ස් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ නිරතව සිටියහ. ඒවායේ රස බැලීමට අපට අවස්ථාව ලැබුණේ එම තේ කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කෙරුණු  රසවත් තේ කෝප්පයක් ද සමගය.
තේ දල්ලෙන් නිෂ්පාදනය කරන තේ අයිස්ක්‍රීම් හා අනෙක් රසකැවිලිවලට විදෙස් සංචාරකයන්ගේ ඉල්ලු‍ම සිය කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කෙරෙන නිමි තේ හා සමාන මට්ටමක පවතින්නේ යැයි කී විධායක අධ්‍යක්ෂක අනුර තිලක් අතුකෝරළ, ඒ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් මෙසේ කීවේය.
“ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ නව පියවරක් සනිටුහන් කරන්න අපි සමත්වුණා. පිටිගල අතුකෝරල තේ කර්මාන්ත ශාලාව මෙතෙක් ඉතා ප්‍රණීත තේ නිෂ්පාදනය කරමින් දේශීය හා විදේශීය වෙළඳ​ෙපාළ  ජය  ගත්තා. එසේම තේ හා බැඳුණු නව නිෂ්පාදන රාශියක් එළි දැක්වීමට අපි කටයුතු කරා.’’ “අපේම සාරවත් ඉඩම් වළින් ඉතා සුපරීක්ෂාකාරීව නෙළා ගන්නා සුවිශේෂී ගණයේ තේ දලු වර්ග භාවිත කරමින් තමයි මේ නිෂ්පාදනයන් කරන්නේ. ඒ අනුව තේ කේක්, තේ වොෆල්ස්, තේ මාෂ්මෙලෝස්, තේ අයිස්ක්‍රීම් දැන් අපි නිෂ්පාදනය කරනවා. අපේ කර්මාන්ත ශාලාව නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවට රසවත් තේ කෝප්පයක් සමග මේ කෑම ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මේ අලු‍ත් මාදිලියේ රසවත් ආහාරපාන වර්ග නිෂ්පාදනය කිරීමට සීමාවාසික පුහුණුව සඳහා පැමිණෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් සහ අපගේම ස්ථිර කාර්ය මණ්ඩලය යොදවා  තිබෙනවා.  අපේ වෑයම තවත් අලුත් ආහාර නිෂ්පාදනයන් සිදු කිරීමයි. ඒ වෙනුවෙන් දිනපතා අපි නොයෙක් අත්හදා බැලීම් සිදු කරනවා.”
ශ්‍රී ලාංකේය තේ කලාවේ නව මානයන් සොයා යමින් පිටිගල අතුකෝරල තේ කර්මාන්ත ශාලාව ජාතික වශයෙන් කරන මෙහෙවර අසමසමය.
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අදහස් (0)

තේ දල්ලෙන් හදන්නේ තේ විතරක් නෙවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 663 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site