ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ‘‘ප්‍රදීප ප්‍රණාම’’ සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම මස 27 වැනිදා බ්‍රහස්පතින්දා සවස 6.30ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත් වේ.
මෙවර ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල පැවැත්වෙන්නේ හතර වැනි වරටය. මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සම්මානයක් වන අතර මෙවර සම්මාන උළෙලේ තේමාව වන්නේ ‘විද්වත් අභිනන්දන’ යන්නයි.
මෙහි දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම අභ්‍යන්තර උපාධිය ලබා, රටට දැයට ප්‍රදීපයක් ගෙන දුන් ව්‍යවසායකයන්, කලාකරුවන්, සාහිත්‍යධරයන්, විද්වතුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විශිෂ්ටතම ක්‍රීඩා නායකයන්, විදේශීයව රට වෙනුවෙන් කීර්තිය ලබාදෙමින් සේවය කරන විද්වතුන්, අධ්‍යාපනඥයන් පර් යේෂකයන් හා ආගමික හා සාමාජීය මෙහෙවරේ යෙදෙන්නන් ආදි විශිෂ්ටයන් රැසකට සම්මාන පිරිනැමේ.
මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියන් ප්‍රමුඛ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වෙති. නිදහස් ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු විශ්වවිද්‍යාලය මෙන්ම මෙරට බිහි වූ දෙවැනි විශ්වවිද්‍යාලය විද්‍යොදය විශ්වවිද්‍යාලය වේ.
1873 දී ශිෂ්‍යයන් හත් දෙනෙකුගෙන් පිරිවෙනක් ලෙස ආරම්භ වී 1959 දී විශ්වවිද්‍යාල තත්ත්වයට පත්වූ විද්‍යොදය විශ්වවිද්‍යාලය 1974 දී ‘‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය’’ ලෙස නාමකරණයට ලක්විය.
1958 සැප්තැම්බර් 16-17 දෙදින පාර්ලිමේන්තුවේ පැවැති විශ්වවිද්‍යාල කෙටුම්පත් විවාදයේ දී අධ්‍යාපන අමාත්‍ය විජයානන්ද දහනායක මෙසේ පැවසීය.
‘‘පිරිවෙන් විශ්වවිද්‍යාලයීය තත්ත්වය දෙන්නේ පාර්ලිමේන්තුවෙන් බව ඇත්ත. නමුත් එය ලංකාව ආරක්ෂා කරන දෙවිවරුන්ගෙන් අපට ලැබුණු වරප්‍රසාදයක්’’
ආදී විද්‍යාර්ථියකු ලෙස එම කියමන ඒකාන්ත සත්‍යයක් ලෙස මම ද අදහමි. එමෙන්ම විශ්වවිද්‍යාලයක් ලැබීම ශ්‍රී ලාංකික ජනතාවට දේව වරප්‍රසාදයක් වූවා සේම විද්‍යොදය විශ්වවිද්‍යාලයේ, එනම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනීමට ලැබීම ද දේව වරප්‍රසාදයකි යන කියමන සමග මම හදවතින්ම බැඳෙමි.
අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් ආරම්භ කළ මෙය 1972 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යොදය මණ්ඩපය ලෙස නම් කරන ලදී. විද්‍යොදය විශ්වවිද්‍යාලයේ විශේෂත්වය වන්නේ සිංහල මාධ්‍යයෙන් ඉගැන් වූ ප්‍රථම විශ්වවිද්‍යාලය වීමය.
ව්‍යවහාරික විද්‍යාව සහ අධ්‍යාපන විද්‍යාව සිංහලෙන් ඉගැන් වූ ප්‍රථම විශ්වවිද්‍යාලය වන අපේ විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට ව්‍යාපාර කළමනාකරණය, රාජ්‍ය කළමනාකරණය යන විෂයන් ද ජ්‍යොතිෂය, ආයුර්වේද ආහාර විද්‍යාව වන විද්‍යාව වැනි විෂයන් හඳුනා දුන් ප්‍රථම විශ්වවිද්‍යාලය ද වෙයි.
ප්‍රථම උපාධි පාඨමාලාවට පුරාවිද්‍යාව සහ සමාජ මානව විද්‍යාව එක් කළ ප්‍රථම විශ්වවිද්‍යාලය මෙන්ම සාහිත්‍ය නිර්මාණවලට පශ්චාත් උපාධි පිරිනැමූ එකම විශ්වවිද්‍යාලය ලෙස ද බාහිර උපාධි ප්‍රදානය ආරම්භ කළ පළමු විශ්වවිද්‍යාලය ලෙසට ඉතිහාසයට එක් වී ඇත.
සාධම්බර සංක්ෂිප්ත ඉතිහාසය ‘ප්‍රදීප’ ප්‍රණාම උලෙළේ අරුතත් වැදගත්කමත් අවධාරණය කරනු පිණිසය.
විද්‍යොදය හෙවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල යනු තවත් එක් විශ්වවිද්‍යාලයක් නොවේ. එයට වසර 68 ක ඉතිහාසයකි. විද්‍යොද අධ්‍යාපන සම්ප්‍රදානය පිළිබඳව විමසීමේ දී එහි ඉතිහාසය දෙවැනි පෑතිස් රජ සමය දක්වා විහිදී ගොස් ඇති බව පෙනේ. දෙවැනි පෑතිස් රජු විසින් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පූජා කරන ලද මහාමේඝ උද්‍යොනයේ පිහිටුවා ඇති මහා විහාරය තෙක් විහිදී ඇති ඉතිහාසයක් තිබේ.
අදට ද ‘අපි ජපුරේ’ යැයි සාඩම්බරයෙන් අභිමානයෙන් පැවැසිය හැකි මෙම විදු මවගෙන් සිප් සතර නැණ හස ලබා මේ දිවයිනත් ජාත්‍යන්තරයත් ජයගත් හපන්නු අප්‍රමාණ වෙති.
එම සුජාත දූපුතුන් එකම රැහැනකින් ඇඳ බැඳ තබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය. ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය බිහි විය. ‘ජපුර – ප්‍රදීප් ප්‍රණාම’ උළෙල එහි සංවිධායකත්වයෙන් සිදුවන්නකි.
විද්‍යාර්ථීන් අතර තොරතුරු හුවමාරුව, ඔවුන් වෙනුවෙන් කැපවීම, ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීම. එමගින් විශ්වවිද්‍යාල මෑනියන්ට ගෞරවයක් හා යහපතක් කිරීම, එමගින් දැනට ඉගෙනුම ලබන උපාධි අපේක්ෂකයන්ට ධෛර්යයක්වීම පමණක්ම අප සංගමයේ අරමුණු වේ.
‘ජපුර ප්‍රදීප ප්‍රණාම’ සම්මාන උළෙලේ අරමුණ වන්නේ අප සමාජගත කරන පණිවිඩය ජපුර විදු මෑණියන් සෙවණේ සිටි සියලුම විද්‍යාර්ථීන් ශ්‍රී ලංකාව තුළ හා අන්තර්ජාතිකව එකම පරපුරක දරුවන් බව හැඟවීමය. එමෙන්ම අප සමාජගත කරන පණිවිඩය වනුයේ විවිධ පීඨවලින් උපාධිධාරීන් වුවද විවිධ ජාතීන් වුවද විවිධ ආගමිකයන් වුවද විවිධ වෙනස්කම් තිබුණ ද අප පරපුරටම ඇත්තේ එකම විශ්වවිද්‍යාලයක් බව අවධාරණය කිරීම ද එක් අරමුණකි. එමෙන්ම අප සමාජගත කරන පණිවිඩය වනුයේ එකම ‘සමාජ සම්බන්ධීකරණ ජාලයක’ ශක්තිමත්ව එකට විසිය හැකි බව අවධාරණය කිරීම ද මෙහි තවත් අරමුණකි.
විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන් පිරිවැරු වර්ණවත් සම්මාන රාත්‍රියක අසිරි සිරිය සිත්හි දරා ගනිමින් මෙම සටහන නිමා කරමි.
සිරි රණසිංහ
ශ්රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත
නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි
දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය
වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ
ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන
“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජ’පුර විශිෂ්ටයන් අගයන “ප්‍රදීප ප්‍රණාම’’ සම්මාන උළෙල