IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


’’රනිල්, ඔබ මගේ අවමංගල සභාව ඇමතිය යුතුයි’’

(අංජුල මහික වීරරත්න)

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නිවැරදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රොනී ද මෙල් මහතාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ වෙනසක් කළ දේශපාලනඥයකු වූ එතුමා රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකි බව ද අවධාරණය කළේය.

 රොනී ද මැල් මහතාගේ අවමංගල්‍ය උත්සවය රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී  අද (1) පස්වරුවේ පැවැත්විණි.

රොනී ද මැල් මහතාගේ අවසන් කැමැත්තට අනුව  අවමංගල්‍ය කටයුතු සංවිධානය කර තිබූ අතර  රුහුණු විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ තැන්පත් කර තිබූ දේහය අවමංගල්‍යය රථ පෙරහරකින් විශ්වවිද්‍යාලයීය  ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ විය.

"රොනී ද මෙල් මහතා දිනක් මට කථා කර එතුමා මුණ ගැසෙන ලෙස දන්වා සිටියා. අපි ටිකක් කතා බහ කළ පසු එතුමා මට කිව්වා රනිල් මගේ මරණයෙන් පසුව ඔබතුමත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් පැමිණ අවමංගල්‍ය සභාව ඇමතීමට අවශ්‍යයි කියලා. ඒ අනුව අද අපි දෙදෙනාම මේ වැඩකටයුත්ත සඳහා සහභාගීව සිටිනවා. 

රොනී ද මෙල් මහතාව මම හොදින් හඳුනා ගත්තේ එතුමා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමෙන් පසුවයි. ඊට පෙර මම කුඩා කාලයේ එතුමාව මුණ ගැසි තිබුණා. පසුව 1970  වසරේදී එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. පසුව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුවේ එතුමා කටයුතු කළා. මටත් ඒ සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. මේ කාලය තුළදී රොනී ද මෙල් මහතාගේ දක්ෂතාවය මම හොඳින් දුටුවා" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (18)

’’රනිල්, ඔබ මගේ අවමංගල සභාව ඇමතිය යුතුයි’’

Rata Perata Friday, 01 March 2024 11:04 PM

නියම ඉල්ලීමක් කරලා තියෙන්නේ.

:       4       24

Keerthi Friday, 01 March 2024 11:55 PM

රනිල්, මට ඔබේ අවමංගල සභාව ඇමැතිය යුතුයි.

:       22       38

Sg Friday, 01 March 2024 11:56 PM

මේවා දේශපාලනයට ඇදගැනීම අන්තිම නරක ක්‍රියාවක්...

:       6       22

Sharm Saturday, 02 March 2024 05:47 AM

ඔව් ඔව්.. ඔය ඩබලටත් මරණානුස්සති භාවනාව වඩන්න කාලෙ හරි.. යන තැනකුත් තියෙනවා කියලා මතක් කරවන්න වෙන්න ඇති රොනී එහෙම කියන්න ඇත්තේ..

:       17       34

අමල් Saturday, 02 March 2024 05:53 AM

ජනතාව නම් ඔබගේ සහ රනිල්ගේ මව හැමදාම අනුස්මරණය කර ගුණකථන පවත්වනවා. ඔබ ඉපදුණු දවස තමයි ජාතික ශෝක දිනයක් කරන්න තිබුනේ...!

:       22       30

උපාලි Saturday, 02 March 2024 07:49 AM

කොහොම ද රොනීගේ දැක්ම..! එයා දැනගෙන ඉඳලා තියෙනවා කවදා හරි මේ දෙන්නා එකට සෙට් වෙලා කරයි කියලා...!

:       7       32

වික්කම සිංහ Saturday, 02 March 2024 10:08 AM

රට කාපු අයට මොන කථාද? මේරට අද සුඛිත මුදිත වෙලා තියෙන්නේ මේ කට්ටිය හොඳටම කරලා තියෙන නිසා. විලි ලැජ්ජයි. මිනිස්සුන්ට විහිළු සපයන්න, ආතල් ගන්න මේ කට්ටය හොඳයි...!

:       17       38

Lalla Saturday, 02 March 2024 03:10 PM

රොනී දේශපාලනයෙන් හම්බ කලේ නෑ. අඩුම තරමේ රුහුණ විශ්ව විද්‍යාලය ඉතිරිව තියෙන සිහිවටනයක්. එය ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් 1978 දී... සෑම පීඨයක්ම සහිත විසිරුණු අංග සම්පූර්ණ උසස් අධ්‍යාපන ආයතනයක්... තව බොහෝ අය මෙයට දායක වුනා. උපාලි විජයවර්ධන, රිචඩ් පතිරණ ආදීන්..

:       0       42

fairoos Saturday, 02 March 2024 11:10 AM

නිවන් සුව ලැබේවා...!

:       3       29

අජිත් Saturday, 02 March 2024 11:22 AM

රොනී ඩි මේල් කියන්නේ විශිෂ්ටයින් අතරේ විශිෂ්ටයෙක්. ඒ නිසා ඔහු ඔහුගේ ආවමංගල්‍ය සභාව ඇමැතීමට රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීම පුදුමයට පත්විය යුතු දෙයක් නොවෙයි. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ දැන් අනුර කුමාර හෙට අනිද්දා විලාප තියයිද දන්නේ නෑ එයාට අවමඟල්‍ය සබාව ඇමැතීමට රොනී දී තිබූ අවස්ථාව රනිල් ජනාධිපති බලතල යොදලා පැහැර ගත්තා කියලා.. ඒ වගේ ප්‍රකාශයක්‌. ඔය වසුරු කුමාර කළොත් අපි නම් පුදුම වෙන්නේ නෑ...

:       78       35

R.M.Yashodi Rathnayaka Monday, 11 March 2024 07:23 AM

යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ මෙයාගේ උත්තර කෙහේවත් ඉන්න අනුර කුමාරව මේකට පටලවා ගන්නේ මොන මී හරකෙක්ද මේ

:       2       7

achini Saturday, 02 March 2024 12:38 PM

එහෙනම් එසේම වේවා..!

:       1       10

MS. Dissanayake Saturday, 02 March 2024 02:56 PM

නිවන් සැප ලැබෙවා! රු.වි.වි ලයෙන් බිහිවූ විද්‍යාර්තයෙකු ලෙස මම එතුමාට අවසන් ගෞරව දැක්වූවා. මානව සම්පත් දැනුමෙන්, බුද්ධියෙන් පොහොසත් කරවීම අනාගත සුපිරි ආයෝජනයක් බව එතුමගේ දැක්ම වූ බව දැනගත්තා. වර්තමානයේ එවන් කෘතහස්ත දෙශපාලඥයින් නොමැතිවීම ජාතියේම අවාසනාවකි...!

:       1       31

ගිරිගෝරිස් Saturday, 02 March 2024 03:26 PM

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ගරු නම්බු ලැබූ එකම දේශපාලඥයා රොනී ද මැල් මහතා පමණි...

:       3       30

සෙනෙවිරත්න Saturday, 02 March 2024 05:27 PM

අජිත් මහත්මයා, ඔලුව බලාගන්න, අනුරට එහෙම උණක් නැහැ, අනාරාධිතව පනින්න, එහෙම වෙලා තියෙනවා නම් කියන්න. තමුන්නැහැලා ඔය රට කාපු අප්පුහාමිලා තවමත් කරතියාගෙන ගියාට බහුතරයක් ඇත්ත දන්නවා.

:       29       33

de silva Saturday, 02 March 2024 08:32 PM

මට හිතෙන්නේ මේ අන්තිම කැමැති පත්‍රය දැනට අවුරුදු 10ක් පමණ පෙර ලියපු එකක්..., රනිල් පසුගිය අවුරුදු 7-8 තුළ කියපු කරපු දේවල් දන්නා සිහිබුද්ධියක් තිබෙන සාමාන්‍ය, අවංක මනුෂ්‍යෙයක්... ඔහුට අවමංගල සභාවක කතාවකට ආරාධනා කරනවා තබා ගෙදරටවත් ආරාධනා කරන්නේ නැහැ.

:       0       0

Kalindu Sriwardhana Sunday, 03 March 2024 09:31 AM

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු නිවැරැදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම...

:       0       0

Chandima Monday, 04 March 2024 01:39 PM

ජොබ් ඇප්ලිකේෂන් එකක් දෙන්න ගිය වෙලාවේ මටත් ඔහොම්මම කිව්වා...

:       5       13

ඔබේ අදහස් එවන්න

දියත

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 286 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 79 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1206 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2139 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2397 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1192 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site