(අංජුල මහික වීරරත්න)
දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව විරෝධය දක්වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විපක්ෂයේ දේශපාලන නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය එම නිවේදනය මාධ්‍ය හමුවට ඉදිරිපත් කළාය.
"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරන බව කිව යුතුයි.
එමෙන්ම මෙහි ප්‍රතිවිපාක සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවයි" යනුවෙන්ද හිටපු ජනපතිනිය සිය නිවේදනයෙන් සඳහන් කරයි.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
’’දේශපාලන නායකයන්ට විරුද්ධ ක්‍රියාකාරකම් දැඩිව හෙලා දකිනවා’’
විමල් Sunday, 24 August 2025 04:28 PM
ඒ කියන්නෙ දේශපාලන නායකයින් වැරදි කළාට කමක් නැද්ද?
පොඩිඑකා Sunday, 24 August 2025 04:31 PM
අම්මටසිරි, එතකොට හොර වංචා කලාම අපි ඉවසන්න ඕනෙ. හරි සෝක්!
ප්‍රියන්ත Sunday, 24 August 2025 04:34 PM
ඒ තියන්නෙ අධිකරණය දුන්න තීන්දුව ගැනද?
රත්නායකSunday, 24 August 2025 06:16 PM
ඒක තමා මාත් බැලුවේ. විනිසුරු තුමිය වැරදි කියලාද මේ කියන්නේ? සීයා ගියාම යාලුවෝ ඔක්කොමත් ගෙන්න ගන්න සීන් එකක් තියන්නේ.
ලූට මූස් Sunday, 24 August 2025 04:35 PM
ඔහෙගේ ඔය කතාව අපි හෙලා දකිනවා...
Nishan Sunday, 24 August 2025 04:42 PM
එතකොට මෙතුමියටත් ලක්ෂ 160 සුළු දෙයක්... වත්තකින් පොල් ගෙඩියක් අඹ ගෙඩියක් ගත්තු මිනිහා හිරේ එහෙම නැත්නම් වෙළඳ සැලකින් කෑමක් ගන්න මනුස්සයා හිරේ. එතකොට නීතිය බලපාන්නේ මහ ජනතාවට මෙතෙක් කල් පොඩි පැහැදීමක් තිබුණා ඔබ ගැන අදින් එයත් ඉවරයි. අවුරුදු 76 ශාපයේ නායකයෝ දහස් ගණන් තීරණ ජනතාව විනාශකල නායකයෝ...
Asela Sunday, 24 August 2025 04:55 PM
බටහිර රටවල් සවන් දෙන දේශපාලනඥයන් සිටින්නේ දෙදෙනෙක් පමණයි. චන්ද්‍රිකා සහ රනිල්. කරුණාකර තානාපතිවරුන් සමඟ කතා කර මෙම ඒකාධිපති පාලනය හෙළිදරව් කරන්න.
පොඩිඑකාSunday, 24 August 2025 07:27 PM
දැං බටහිර රටවල් රෙද්ද උස්සං එයි උන්දැව බේරගන්න. අසේලයට මඤඤං, වහාම ප්‍රතිකාර අවශ්‍යයි.
Perakum Liyanagama Sunday, 24 August 2025 05:45 PM
එහෙම තමයි පරණ දේශපාලුවෝ හිතන්නේ එයාලා ඉන්නේ නීතියට ඉහළින් කියලා. ඒක එහෙම නොවෙයි කියලා ඔය නාකි රැල දැන්වත් දැනගන්න...
ලක්සිරි Sunday, 24 August 2025 06:05 PM
ඔය කියන ඒවා ගණන් ගන්න එපා.
චතුරි Sunday, 24 August 2025 06:18 PM
මොවුන්ට වැටුපක් දීලා රජ සැපට ඉන්න දීලා බලයත් අරගන රටේ මුදල්වලින් සවාරි ගිහින් දඩුවම් විදින එක හෙලා දකිනවද? රට සවාරි ගහන්න මුදල්. දුප්පත් ජනතාවගේ මුදල් මේවා. අරාබි රටවල දඩුවම් දෙන්න ඕනේ...
රනේ Sunday, 24 August 2025 07:51 PM
ප්‍රභූවරුන්ට මහජන මුදල් අවභාවිතා කිරීමට තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකිමු.