(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ආනයනය කරන ලද ගල්අඟුරුවල තත්ත්වය නොරොච්චෝලේ ලක්විජය  බලාගාරයේ ජනනය සඳහා සුදුසු පරාසයේ නොපවතින බැවින් නිෂ්පාදිත විදුලි ප්‍රමාණයේ යම් අඩුවක් පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් ) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

මේ හේතුවෙන්  ගල් අඟුරු ආනයනය ආරම්භයේ සිට මේ දක්වා සම්පූර්ණ ක්‍රියාවලියම  ඉදිරියේදී විමර්ශනයට භාජනය කෙරෙන බවද   ඔහු සඳහන් කළේය.

ඔහු මේ අදහස් පළ කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා  සාමාජිකයන්   06 වැනිදා  නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ස්ථානීය පරීක්ෂාවකට ගිය අවස්ථාවේදීය.