IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


’’අයියලා මල්ලිලා ගේ ප්‍රශ්න නිසා ශේප් එකේ ඉන්නැයි’’ අමාත්‍යාංශ ලේකම් කියලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අරලියගහ මන්දිරයට රැස්වූ සෙනඟට ගෝල්ෆේස් පිටියට එන්න දෙන්න එපා යැයි ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ට කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ අමාත්‍යංශ ලේකම් බවට තොරතුරු  ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද ( 17 )පැවසීය.

"ඕවා අයියලා මල්ලිලා ගේ ප්‍රශ්න නිසා ශේප් එකේ ඉන්නැයි" අමාත්‍යාංශ ලේකම්වරයා බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිට පවසා තිබෙන බවද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා:-

නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණා. මානව හිමිකම් කොමිසමෙන් මට ලැබෙන ආරංචි හැටියට අරලියගහ මන්දිරයේ සිටි  පිරිසට ගාලු මුවදොරට එන්න දෙන්නට එපා යැයි ජනාධිපතිවරයා  බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කර තිබුණා.ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වතුර සහ කඳුළු ගෑස් ගහන්න ලෑස්ති වුණා.මේ කියන්නේ ඔහුගේ කට උත්තරය අනුව යි.ඒක සීයට සීයක් හරිද කියා මා දන්නේ නැහැ.

මොකද දැන් කරන්නේ යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පොලිස් පති අහනවා.මම එන්න දෙන්නෙ නෑ .මට ජනාධිපතිවරයාගෙන් ඕඩරයක් ලැබුණා යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.අමාත්‍යාංශ ලේකම්ට කතා කරන්නැයි එවිට පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන්ට කියනවා.එවිට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  අමාත්‍යාංශ ලේකම්ට කතා කරනවා."ඕවා කරන්න එපා .ඔය අයියලා මල්ලිලාගේ ප්‍රශ්න.ඔය ඉන්නේ මහින්ද අගමැති තුමාගේ ගෝලයෝ .ඔය මිනිස්සුන්ට ගහලා අන්තිමේදී ඒ දෙන්න ෂේප් වේවි.ඔයාට ට අමාරුවේ වැටෙන්නේ වේවි .ඒ නිසා ඔයා ෂේප් එකේ ඉන්න.යනුවෙන් අමාත්‍යාංශ ලේකම් පවසා තිබෙනවා .

හැම පොලිසියකටම නියෝග දී තිබුණේ ෂේප් එකේ ඉන්න කියලයි.යුද හමුදාව සක්‍රීය වුණේ නැත්තේ ඇයි?අරලියගහ මන්දිරේට සෙනඟ ගෙනාපු මොට්ටයෝ, ගොන් තඩියො කළෙත් ඒ ප්ලෑන් එකේ කොටසක්.පොලිසිය අකර්මණ්‍ය කළෙත් ප්ලෑන්  එකේ කොටසක් අනුවයි.යනුවෙන් ද විමල් වීරවංශ මහතා පැවසීය.



අදහස් (7)

’’අයියලා මල්ලිලා ගේ ප්‍රශ්න නිසා ශේප් එකේ ඉන්නැයි’’ අමාත්‍යාංශ ලේකම් කියලා

Bandara Tuesday, 17 May 2022 08:53 PM

ජනාධිපති නියෝගයට ආරක්ෂක ලේකම් හරස් වන්නේ නම් රටේ මොන පරිපාලනයක්ද තියෙන්නේ? මේක දේශබන්දුගේ බොරුවක්ද මන්දා...?

:       8       0

chandima Tuesday, 17 May 2022 09:15 PM

පවතින ආණ්ඩුක්‍රමය හැටියට ජනාධිපතිට නඩු දාන්න බැහැ. ඒ නිසා බෝලෙ ජනාධිපතිට පාස්කරලා අතපිහිදාගන්න යනවා වගේ...! 

:       11       3

ravin Tuesday, 17 May 2022 09:22 PM

පරණ ලොරිරථවල නම් රියදුරු අසුන යටින් ලියලා තිබුණා තාර බර සහ ශුද්ධ බර කියලා... බලුමස් දඩමස් කරන්න දන්න කෙනෙක්... ඒක නොදන්නේ එයා විතරයි. අතීතයේ කියපු කරපු දේවල් වලින් ඒ බව මනාවට ඔප්පු වෙනවා.

:       11       3

Kalpa Wednesday, 18 May 2022 06:25 AM

ඔයත් අයියා, මල්ලි දෙන්නාගේම පස්සේ ගිහින් පස්ස ඇනගත්තු කෙනෙක් නේද?

:       12       3

Ruwan R Wednesday, 18 May 2022 06:54 AM

ගෝඨාත් අයින් වුණා නම් මෙයාගේ ඇත්ත තත්වය වෙනස් වෙන්න තිබුණා...

:       9       3

Hafeel Wednesday, 18 May 2022 08:30 AM

විමල් ඔයාට මතකද එදා ඔයාගේ ජංගම දුරකථන මාර්ගයෙන් එවකට ආරක්ෂක ලේකම් සහ වත්මන් අසාර්ථක ජනාධිපතිගෙන් තර්ජනාත්මක ඇමතුමක් පොලිස් නිලධාරියකුට ආපු එක? ඒ මොහාතේ ඔයා හැසිරිච්චි හැටි සහ එම පොලිස් නිලධාරියා අසරණ වූ මොහොතත් මතකද? එදා ඔයා ඒ පහත් වැඩකරන කොට හොඳයි නම් දැන් කොහොමද වැරැදි වෙන්නේ?

:       19       9

Rata Perata Wednesday, 18 May 2022 11:46 AM

20ට අත් උස්සනකොට ඕවා දැනගන්න තරම් මොලයක් තිබුණේ නැහැනේ.. නේද?

:       7       4

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 207 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 460 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 555 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 347 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 428 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 157 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site