
(යොහාන් භාසුර)
රටේ පළමු පුරවැසියා සහ ඊට උඩින් ඉන්න බිංදු පුරවැසියාත් කියන දෙපළම අධිකරණයට ප්‍රසිද්ධියේ අතපොවනවානම් මෙරට ජනතා අසරණ තත්වයට පත්වීම වළක්වාගත නොහැකි බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ නීතියේ අධිපත්‍යය බිඳදැමීම පිළිබඳව ජාත්‍යන්තර සංවිධානවලට සහ ප්‍රධාන සියලුම තානාපති කාර්යාවල දැනුවත් කිරීමට ‘මහජන හඬ‘ සංවිධානය බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළඋරුමයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (15) පැවසීය.
‘මහජන හඬ‘ සංවිධානය ඩාර්ලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (15) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.
ජාත්‍යන්තර සංවිධානවලට ලිපි යොමුකරමින් ද, තානාපතිවරු හමුවී කරුණු දැක්වීමෙන් ද, මෙරට නීතියේ අධිපත්‍යයට කරන බලපෑම පිළිබඳව දැනුවත් කරන බව කී ගම්මන්පිල මහතා ශ්‍රී ලංකාව මුහුණදී ඇති භයානක තත්වය ඉතිහාසයේ කිසිදිනක නොවූවිරු ආකාරයෙන් නීතියේ ආධිපත්‍යයට එල්ලවී ඇති තර්ජනය ගැන කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව ද සඳහහන් කළේය.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ රංග දිසානායක මීට කළින් නඩුවකදී කැඳවා ප්‍රශ්ණ කර එල්ලිලා මැරුණ පුද්ගලයෙක්ගේ නම සඳහන් කර ඒ ආකාරයටම සියදිවි නසාගන්න සළස්වනවා යැය තර්ජනය කළා කියන ප්‍රකාශය කපිල චන්ද්‍රසේන මහතා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ බවත් ඒ පමණක් නොව මරණ තර්ජන කර තමන්ගෙන් හිටපු ජනාධිපතිවරයකුගේ සහ ඔහුගේ පුතාගේත් නම් ලියවනගෙන එම ප්‍රකාශයට අස්සන් ගත්තා යැයි ඔහු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින් දැනුම් දුන් බවත්ය.
නමුත් රංග දිසානායකට විරුද්ධව මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවත් ඒ නිසා වාහාම රංග දිසානායකගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර මෙරට ජනතාවට ඇත්ත හෙළි කරන්න යැයි අස්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත් සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා එහිදී පැවසුවේ ජනාධිපති අනුර කුමාර සහෝදරයා කියනවා නම් 25 වැනිදා ඔබට සතුටුදායක තීන්දුවක් ලැබෙනවා කියන එක එයින් හැගෙන්නේ එක්කෝ ජනාධිපතිවරයා නඩුකාරතුමාට යම්කිසි බලපෑම් කර තිබෙන අතර එසේ නැත්නම් ඒ නඩුකාරතුමා යම්කිසි හේතුවක් නිසා ලබාදෙන නඩු තීන්දුව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත් මෙහිදී මෙම සිද්ධීන් දෙක පෙණෙන බවත්ය.
මාස තුනකින් තීන්දුව දීලා ‘මාලිමාවේ’ අය බේරිලා පරණ ගල් අගුරු ගෙනාපු අය හිරේ යනවා යැයි ගල් අගුරු සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ කමිටුව ගැන මැයි 1 වැනිදාම ටිල්වින් සහෝදරයා ප්‍රකාශයක් කළ බවත් ඒ ප්‍රකාශයත් සමඟ මෙම කොමිෂන් පත්කර, නඩු ආසා කුමකටද යන ප්රශ්නය මතු වන බව කී දිසානායක මහතා පැවසුවේ නඩු අහන්නේ ජනාධිපතිවරයා නම්, නඩු අහන්නේ පැලවත්තේ ටිල්වින් නම් මේ රටට මොකටද අධිකරණයක් යැයි ප්‍රශ්න කරන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd