IMG-LOGO

’යුද්ධය වැඩි වුනොත් ලාංකිකයන් ගෙන්න ගන්නවා’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
 
ඊශ්‍රායලයේ යුද තත්ත්වය  තවත් තීව්‍ර වුවහොත් ආසන්න රටවල ගුවන්යානා යවා එහි සිටින  ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට දැනටමත් සාකච්ඡා කර තිබෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (19)පැවසීය.
 
ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් ලංකාවට පැමිණීමට අවශ්‍ය යැයි මෙතෙක් පවසා නැති බව කී අමාත්‍යවරයා ඔවුන් ඊශ්‍රායලයේ ආරක්ෂක විධික්‍රම පාවිච්චි කරමින් සිටින බව සඳහන් කළේය.
 
ඊශ්‍රායලයේ ගුවන්තොටුපළ මේ වන විට වසා දමා තිබෙන අතර ව්‍යාපාර සඳහා ඊශ්‍රායලයට ගිය දෙදෙනෙක් ලංකාවට පැමිණිය යුතු බව කියා තිබු බවත් ඔවුන්ට ලංකාවට පැමිණීමට  පහසුකම් සපයමින් සිටින බවත් අමාත්‍ය විජිත හේරත් මහතා කීය.
 
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් විසි දහසක් පමණ සිටින අතර ඉරානයේ ශ්‍රී ලාංකිකයන් සිටින්නේ 35ක් වැනි සංඛ්‍යාවක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 



අදහස් (0)

’යුද්ධය වැඩි වුනොත් ලාංකිකයන් ගෙන්න ගන්නවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1907 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 605 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 692 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site