(ගයාන් සූරිය ආරච්චි)

අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරු වරුන්ගේ ධූර කාලය වැඩි කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරන බව හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියේ v වැනි උප වගන්තිය සංශෝධනය කිරීමට බවත් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 63 සිට 65 දක්වාත් දීර්ඝ කිරීම බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ කොල්ලුපිටිය අමාරි හෝටල් ශ්‍රවනාගාරයේ අද (9) පැවැති ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ " අධිකරණයේ ස්වාධිපත්‍යය බිඳ දමන දේශපාලන කූඨ මෙහෙයුම් පරදවමු" විද්වත් සමුළුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙසේද පැවසුවේය.

මෙම සංශෝධන කිරීමට රජය සමත් වේ නම් එය අතිශෝක්තියකින් තොරව කිය යුතු වන්නේ චිරාත් කාලයක් මෙරට ආරක්ෂා කරගත් ප්‍රජාතන්නත්‍රාවදී සංස්කෘතිය හා ආයතන සියල්ලක්ම සම්පූර් ණ යෙන්ම විනාශයට පත්වීම බවය.

මෙය නීතීඥ සංගමය මෙම සංශෝධනයට සම්පූර්ණ යෙන්ම විරුද්ධ වන අතර නීතීඥවරුන්, විනිසුරුවන් සහ සිවිල් සමාජය මෙම සංශෝධනය ඉල්ලා නොසිටි අතර මෙය පටු ආත්මාර්ථකාවීම දේශපාලන අරමුණු ඉටුකරගැනීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙසේ සංශෝධණය කිරීමට කටයුතු කරන බව ද මහාචාර් ය ජී.එල්. පීරිස් මහතා කීය.

(ළහිරු හර්ෂණ)