
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කළ අයට සාමාකාමී මරණයක් හිමි නොවනු ඇති බවත් සිය පියා ඝාතනය කළ අයගෙන් පළිගන්නා බවත් නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ප්‍රකාශයක් නිකුත් කරමින් පැවැසුවේය.
මේ දක්වා ගමන් කළ මාර්ගයේ ඉරානය ඉදිරියටත් ගමන් කරනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. අලි කමේනි මිහිදන් කිරීමෙන් පසුව මොජ්තබා කමේනි මෙම ප්‍රකාශය නිකුත් කර තිබිණි.
පියාගේ ඝාතනයට ඉරානය නිසැකවම පිළිතුරු ලබාදෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව තවමත් ප්‍රසිද්ධියේ මොජ්තබා කමේනි පෙනී සිට නොමැති අතර ඔහු ප්‍රකාශයක් නිකුත් කර දෙවැනි අවස්ථාව මෙය වේ.
ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඉරාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මොජ්තබා කමේනි යහපත් ශරීර සෞඛ්‍යයකින් සිටින බවය.
ඔහුගේ නව ඡායාරූපයක් ඉදිරිපත් කිරීමටද ඉරාන මාධ්‍ය කටයුතු කර තිබුණේය. කමේනි තර්ජනය කිරීමට පැය කීපයකට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ තමන් ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් පහරදීමට මිසයිල 1000 ක් සුදානම් කර ඇති බවත් තවත් මිසයිල මිසයිල දහස් ගණනක් සූදානම් වෙමින් පවතින බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd