IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


‘‘එක්වරක් රැවටුණා‘‘

(යොහාන් භාසුර)

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට ගෝඨාභය මහත්මයා රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන් බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අද (17) පැවසූහ.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අද (17) එසේ පැවසූහ.

ගෝඨාභය රාජපක්ෂ එම පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් තමන් රැවටුණු බව ද අගරදගුරු හිමියෝ පැවසූහ.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලඥයන් ඇඟිලි නොගහන පරීක්ෂණයක් අවශ්‍ය බව කී උන්වහන්සේ සමග ජන බලවේගය බලයට පැමිණියහොත් කරන දේවල් පිළිබඳව ලියවිල්ලක් යොමු කර ඇති බව ද සඳහන් කළහ.

ජනතාව විමුක්ති පෙරමුණ ඇතුළු එම කණ්ඩායමෙන් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරන බවට වචනයක් ලැබී ඇති බවත් ජාතික ජන බලවේගයෙන් ඒ සම්බන්ධයෙන් ලිඛිතව කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් උන්වහන්සේ පැවසූහ.

ජාතික ජන බලවේගය තමන් හමුවීමට දිනයක් සහ වේලාවක් ඉල්ලා තිබීම නිසා එය ලබා දුන් බව කී අගරදගුරු හිමිපාණෝ පැවසුවේ ඔවුන් එම කාලය යොදා ගන්නේ කුමකටද යන්න පිළිබඳව අවධානය යොමු කරන බවත්ය.

 



අදහස් (15)

‘‘එක්වරක් රැවටුණා‘‘

විජිත් Wednesday, 17 April 2024 11:43 PM

මට පෙනෙන විදිහට මෙතන පැටලිල්ලක් ඇතිවෙලා තිබෙනවා . අද උදේ ජාතික ජනබලවේගය ප්‍රතිඥාවක් සහිත ලියවිල්ලක් මාධ්‍යයන්ට නිකුත්කලා පාස්කු ප්‍රහාරය පිළිබඳව.එය ලංකාදීප ඔන්ලයින් පිටුවෙත් පලවී තිබුනා මම දුටුවා.

:       4       8

පිටරටවැසියා Wednesday, 17 April 2024 11:52 PM

මුළු රටම වසර හැත්තෑ ගණනක් මොවුන් ඔක්කොටම (226 ටම) රැවටුණා....

:       2       14

පිටරැටියා Thursday, 18 April 2024 12:54 AM

ආරක්ෂාවට වගකියන නායකයෙක් ,සවුබාග්‍යයේ දැක්ම වියත්මග කියලා පට්ට පල් බොරු බේගල් ගහලා 69 ලක්ෂයක් ජනතාව අන්දවපු ගෝටා කාදිනල්තුමාව රවට්ටපු එක ඒ දෙයක් නෙවෙයි .

:       6       13

Rupasinghe Thursday, 18 April 2024 06:20 AM

තමන් ලියල පලකරන ලිපියෙ අඩන්ගු වචන වල නිවැරදි බව වත් නැවත පරීක්ෂා නොකරන ලන්කාදීප.

:       4       11

කර්තෘ Thursday, 18 April 2024 04:10 PM

කරුණාකර අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගැනීමෙන් වළකින්න.

:       0       0

Nuwan Thursday, 18 April 2024 06:23 AM

බැටළු හම් පොරවා ගත් වෘකයෝ..අහිංසක මිනිසුන්ගේ ලේ කඳුළු උගසට තබා ඩොලර් වලින් සැප විඳින අපූරුව..

:       6       9

පුරවැසියා Thursday, 18 April 2024 08:19 AM

සල්ලි අච්චු ගහලා බේරගත්ත කෙනා ව හිරේ දායිද. හැබැයි තමන් ගේ මන්ත්‍රී කණ්ඩායමේ හිටපු කෙනා වැරදි කරලා පක්ෂෙනුත් අයින් කරපු අය ගැන නම් විශ්වාසයක් තියෙන්න පුළුවන්

:       4       7

de silva Thursday, 18 April 2024 08:58 AM

තමන් කරපු වැරදි තමන් විසින්ම ඔප්පු කරලා එල්ලුම්ගස් යන්න තරම් සර් මෝඩ නැහැ , ඔබවහන්සේට වරදක් කියන්න බැහැ සර් කියන්නනේ කවුද කියල එම කාලවකවානුවේදී ඔබ වහන්සේ දැනගෙන හිටියෙත් නැහැ .

:       7       17

Chandana Thursday, 18 April 2024 09:58 AM

තවත් බදු ගෙවන සල්ලි වලින් කෝටි ගණනාවක් ආයිත් කොමිසමකට වියදම් කරයි ,මේ ප්‍රතිඵලයමයි

:       1       8

Surain Thursday, 18 April 2024 10:15 AM

කාදිනල් හිමියනි මේ රටේ යුග දෙකක් මිනීමරලා ගොඩනැගිලි ද බස් ද ගිනි තියලා ආර්ථික විනාශ ඇතිකරපු අයගෙන් යුක්තිය ගැන බලාපොරොත්තු නම් තියන්න එපා.මේ රටේ ලේසියෙන්ම මෝඩයෝ වෙන්නේ ද තරුණ පරම්පරාවයි

:       11       11

Asanga samantha Thursday, 18 April 2024 10:17 AM

පසුගිය දවස්වල මෙයා අතුරුදන් වෙලා හිටියා නේද.. මේ කාදිනලුත් හොද ගේම් කාරයා.

:       11       10

සෙනෙවිරත්න Thursday, 18 April 2024 03:35 PM

සුරේන්, කැරැල්ලක් උනහම බස් දේපල විනාශ වෙනවා, ජීවිත නැතිවෙනවා. ලෝකේ කොහෙත් ඕව වෙලා තියෙනවා. ලෝක ඉතිහාසය දැනගන්න බැහැ රාජපක්ෂ සජිත් රනිල් පස්සෙ ගිහින්, ඒකට බුද්ධියක් අවශ්‍යයි. කැරලි ගහපු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් රට පාලනය කරල තියෙනවා, අතීතය කියව කියව ඉන්නවට වඩා වර්තමාන භාවිතය බලන්න. කැරලි ඇතිවෙන්න එදා හිටපු පාලකයා සිල් සමාදන් වෙලා නොවෙයි හිටියේ. එදා රට කරපු දූෂිත ආකාරය දන්න කෙනෙක්ගෙන් අහගන්න.

:       5       1

ගමේ එකාලා Thursday, 18 April 2024 07:24 PM

සුරේන්, තමුන් මොලේ උඩ ඉන්න කෙනෙක් කියලා පේනවා...

:       0       2

බද්රානි Thursday, 18 April 2024 09:09 PM

තක්කඩියන්ගේ බහට රැවටිලා, හැට නව ලක්ෂයෙන් කෙනෙක් වෙලා, දැන් මෙතැන ලැජ්ජා නැතිව නාහෙන් හඬනවා. එදා ඔබතුමාව අන්දලා මහනායකටත් වඩා ඉහළින් තියපු අමනයින් අද කොහේද..? මිනීමරුවන්ගෙන්ම යුක්තිය බලාපොරොත්තු වුණු ඔබතුමා ගැන හා කතෝලික ජනතාව ගැන කණගාටුයි...

:       0       1

Bamunuarachchi Friday, 19 April 2024 01:07 PM

පලවෙනි සැරේ රැවට්ටුවා නොවෙයි රැවටුනා දෙවෙනි සැරේ තමයි කාදිනල් රැවට්ටුව වෙන්නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

වජිරත් කෝච්චියෙන් කොළඹට
2024 අප්‍රේල් මස 30 124 0

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වීම සඳහා පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා හෙට (1)උදෑසන අහංගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම


මැණික්හින්නේ සිද්ධියට හයක් සැකපිට
2024 අප්‍රේල් මස 30 12 0

මැණික්හින්න රෝහලට රෝගියකු, ඔහුගේ ඥාතීන් හා රෝහල් කාර්ය මණ්ඩලය අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට දෙපාර්ශවයේම හය දෙනකු අත්අඩංගුවට ගත්බව මැණික්හින්න


පෝෂණයේ කඩා වැටීම මහ බැංකුව පිළිගනී
2024 අප්‍රේල් මස 30 324 0

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය අසතුටුදායක මෙන්ම දුර්වල වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්ථික විවරණ ව


රුවන්ඩාව - ලංකාව නිදහස් වීසා ගිවිසුමක
2024 අප්‍රේල් මස 30 437 0

රාජතාන්ත්‍රික-රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිව


ජාතික මැයි රැළියට ඉන්දියාවෙන් ගායක ගායිකාවන්
2024 අප්‍රේල් මස 30 1332 1

රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිස


සිල්ලර මත්පැන් අළෙවිසැල් හෙට වහයි
2024 අප්‍රේල් මස 30 346 0

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (1) දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අළෙවිසැල් වසා තබන බව සුරාබ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 404 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1807 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1627 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site