(ප්‍රසාද් රුක්මල්)
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කදවූ අවස්ථාවේ එම අනතුර සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ බැදුම්කර දෙකක් මත මුදාහරිමින් යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා ධාවකයන් දෙදෙනාට ඊයේ (30) නියම කළේය.
ෆොක්ස්හිල් මෝටර් රථ තරගයට ඉදිරිපත් වී තරග අංක 5 යටතේ තරග කළ මාතර මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36), සහ තරග අංක 196 යටතේ තරග කළ පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව (47) යන මෝටර් රථ තරග කරුවන් දෙදෙනාට මෙසේ නියෝග කෙරිණ.
ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ , යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැති අතර එම තරග පැවත්වෙමින් තිබියදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සීසී මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙම ධාවකයන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර්රථ අනතුර සිදු විය.
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ( 22) ඉදිරිපත් කිරීමට නියමිතය
ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් පේමදාස මහතාට කළ ආරාධනයට
කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ නාට්‍ය හා රංග කළා සහ ප්‍රතිබ්ම්බ කළා අධ්‍යයන අංශය සංවිධානය කළ ‘රූප 2023’ ඡායාරූප තරගාවලියේ විවෘත අංශයේ ඡායා
පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු පහරදීමෙන් ඊයේ (20) දා පුලස්තිගම රෝහලට
බන්ධනාගාර නිලධාරීන් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් දින දෙකක් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) පස්වරුවේ අවසන් කළ බව
කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ෆොක්ස්හිල් ධාවකයන්ට අධිකරණය දුන් නියෝගය
layiyaa Wednesday, 01 May 2024 04:50 AM
සාධාරණ නඩු තීන්දුවක්...නියමිත වේගය ඉක්මවා ධාවනයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදකි...මීට කැකිල්ලේ..
Yasantha Wednesday, 01 May 2024 06:08 AM
නරබන්නන්ට නැරඹිය හැකි ආරක්‍ෂිත ස්ථාන හදන්න ,වැඩේ ඉවරයි .ගස් අස්සේ ,පාරවල් අයිනේ නිකම් ඉඳන් මෝටර් ක්‍රොස් බලන්නේ නැහැ
kumara Wednesday, 01 May 2024 07:17 AM
ප්‍රේක්ෂකයන් රැදී සිටින තැන් වලට අවදානමක් ඇති පරිදි සැලසුම් ඉදිරිපත් කළ අය අත් අඩංගුවට ගන්නේ නැද්ද? ඒවයේ ආසන පනවා තිබුනා ද? වංගුවක පස් උඩ යන වාහනයක් වේගය පාලනය වෙන්නේ කොහොමද? ඒ ඉදිරියේ බාධක යොදා අනතුරක් වලක්වා ගැනීමට යාන්ත්‍රණයක් සංවිධායකයන් සංවිධානය කර තිබුණා ද? මේ කරුණු සලකා බැලිය යුතුයි. තිරිංග වදින්නැති, පාර පේන්නෙ නැති තත්ත්වයක් ඇති උනාම ඒක වලක්වා ගත හැකි වෙන්නේ කොහොමද? මේක තරගයක්. නැතිවුනු ජීවිත මහ අපරාදයක්. නමුත් මේ දෙයින් තවත් ප්‍රසිද්ධිය ලෝකය පුරා යනවා රේස් පදින රේස් නරඹන පිරිස අතර. මේ සල්ලි උල්පත බලාගෙන සංවිධායකයන් කළ දෙයක් වෙන්න බැරිද?
ANDARE Wednesday, 01 May 2024 12:19 PM
"ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ , යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැති අතර එම තරග පැවත්වෙමින් තිබියදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සීසී මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙම ධාවකයන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර්රථ අනතුර සිදු විය." මෙම සංවිධාන සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් අදාල නොවන්නේද?
de silva Wednesday, 01 May 2024 03:07 PM
මේකට වගකිව යුත්තේ සංවිධායකයින් මිසක් තරඟ කරුවෝ නොවේ...