ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙනි.
මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් පමණක් නොව, තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීප දෙනකු ද සහභාගී වූ බවත්, ඔවුන් ද කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් සමාව ඉල්ලයි
DM Thursday, 01 February 2024 02:58 PM
ඇමෙරිකාවට විතරද සමාජ මාධ්‍ය වලින් බලපෑම් වෙලා තියෙන්නේ? අපිට නැද්ද? අනිත් රටවල් වලින් සමාව ඉල්ලන්නේ නැද්ද? ජූලී චැන්ග් මොනවාද දන්නේ නැහැ කියන්නේ...!
ajith Thursday, 01 February 2024 04:18 PM
මේවා සකර්බර්ග්ට තේරුනාට, ලංකාවේ විපක්ෂයේ ඉන්න ඔස්තාර්ලට තේරෙන්නේ නැහැ.
පාඨකයෙක්Friday, 02 February 2024 01:25 PM
ඔහු ස්වේච්ඡාවෙන් සමාව අයැදුවා නොවේ. මෙම රැස්වීමේ විදේශ මාධ්‍ය සජීවි වාර්‍තාවකට අනුව, "ඔබ පිටුපසින් වාඩි වී සිටින දෙමව්පියන් දෙසට හැරී ඔවුන්ගෙන් සමාව ඉල්ලන්න!" යයි සෙනේට්වරයෙක් ඔහුට විධාන කිරීමෙන් පසුවයි ඔහු සමාව අයැද සිටියේ...!
Bamunuarachchi Friday, 02 February 2024 09:20 AM
ඒ විතරක් නොවෙයි tiktok CEO කියනවා එයාගේ ළමයින්ට tiktok බැලීම තහනම් ඒවගේම සිංගප්පුරුවේ අව්රුදු 16පහළ ළමයින්ටත් tiktok බැලීම තහනම් කියලා. ඒගොල්ලෝ එයාලගේ ළමයි පරිස්සම් කරගෙන ලෝකේ අනිත් ළමයි අමාරුවේ දමනවා.