
මොරොක්කෝවට උතුරින් පිහිටි දුෂ්කර ගම්මානයක ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවෙකු බේරාගැනීම සඳහා මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් කාලය සමග සටන් කරමින් සිටින බව පැවැසෙයි.
දවස් තුනක කාලයක සිට මෙම දරුවා ගැඹුරු ළිඳේ සිරවී ඇතැයි ආරක්ෂක අංශ පවසයි. රයන් නම් මෙම පස් හැවිරිදි දරුවා මීටර් 32 ක් පමණ ගැඹුරු ළිඳකට අඟහරුවාදා දින වැටි ඇත.
මොරොක්කෝ රජයේ ප්‍රකාශයෙක් වූ මුස්තෆා බයිටාස් බ්‍රහස්පතින්දා දින පැවසුවේ මෙම පස් හැවිරිදි දරුවා කෙසේ හෝ බේරා ගන්නා බවයි.
දැනටමත් සහන කණ්ඩායම් විසින් ළිඳ අසලින් මීටර් 27 ක් දක්වා හාරා දරුවාට ළඟා වී ඇති අතර ඉදිරි පැය කිහිපයේදී තිරස් අතට මීටර් 5 ක් හාරා එම ගුලෙන් රයන් එළියට ගැනීමට බලාපොරොත්තු වන බව සහන කණ්ඩායම් පවසයි.
ඉදිරි පැය කිහිපයේදී රයන්ට දරුවා බේරා ගනීවී යැයි බලාපොරොත්තුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සජීවී දර්ශන දෙස බලා සිටි.
(විමුක්ති එස් රුද්‍රිගු - අල් ජසීරා )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාට බුදු සරණයි පුතේ... ඉක්මණින්ම ජීවිතය ලැබේවි..!
ජීවිතයක වටිනාකම තේරුම් ගත් පිරිසක්... දරුවා බේරාගත හැකිවේවා...!
බේරාගන්නට කරන උත්සාහය සාර්ථක වේවා... ජේසු පිහිටයි..!
ඇඟේ හිරිගඩු පිපෙනවා.. දරුවා නිරුපද්‍රිතවම බේරාගැනීමට හැකිවේවායි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු.
ඕක අපේ රටේ වුණා නම් හමුදාපති මේකප් දාගෙන අලුතින් ඇඳුම් මහගෙන එනකන් ළමයට ළිඳ ඇතුලේ ඉන්න වෙනවාමයි. ඊට අමතරව නාකි දේශපාළුවන් එතැනට ඇවිදින් මාධ්‍ය සංදර්ශන පවත්වන අයුරු බලෙන්ම වගේ මිනිස්සුන්ට රජයේ මාධ්‍යවලින් පෙන්වනවාත් නියතයි...