IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ළඟම පාසල හොඳම පාසල කරන වැඩ යළි අරඹයි

(අංජුල මහික වීරරත්න)

"ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කර අතරමඟ නැවතී ඇති උප ව්‍යාපෘති වල වැඩ අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වර්ෂ 2016-2020 දක්වා කාලය තුළ 'ළඟම පාසල හොඳම පාසල' නමින් පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. 

2025 වර්ෂය ආරම්භ වන විට, එකී ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද උප ව්‍යාපෘති අතුරින් ව්‍යාපෘති 29 ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ද, ව්‍යාපෘති 3ක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු යටතේ ද තවදුරටත් නිම කිරීමට ඉතිරිව පැවතිණි.

 මෙම අතරමග නැවතී ඇති ව්‍යාපෘති හේතුවෙන් පාසල් ප්‍රජාව ගැටලු රාශියකට මුහුණ දෙන අතර, එම කාර්යයන් වෙනුවෙන් වියදම් වූ මුදල් ද නිෂ්කාර්යය වියදමක් බවට පත් වී තිබේ. ඒ අනුව, 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර තවදුරටත් ඉතිරිව ඇති ඉදිකිරීම ව්‍යාපෘති වල ඉතිරි ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කර 2025, 2026 සහ 2027 වර්ෂයන්හිදී ප්‍රමුඛතා පදනම් මත සම්පුර්ණ කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ළඟම පාසල හොඳම පාසල කරන වැඩ යළි අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32003 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14457 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11227 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 23 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 283 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1229 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site