(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

  රුපියල් කෝටි 22 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

එම සැකකරු සමග හොරෙයින් මත්කුඩු කිලෝ ගෑම් 09 යි ගෑම් 946 ක් අයිස් මත්ද්‍රව‍ය  කිලෝ ගෑම් 12 යි ගෑම් 300 ක් හා යතුරුපැදියක්ද පොලිස් භාරයට ඇත.

බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගනේ මුල්ල බොල්ලත උතුර ප්‍රදේශයේ නිවසකදී සැකකරු මත්ද්‍රව‍ය  තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත.