
(සුජිත් හේවාජුලිගේ)
මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන දොර කවුලුවෙන් වෙඩි තැබූ බව කියන බන්ධනාගාර නියාමකවරයා වෙනත් බන්ධනාගාරයකට ස්ථාන මාරුකර යවා ඇත.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් අනුරුද්ධ ගජනායක මහතා කළ විමසුමකදී පැවසූවේ ඔහුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.
එසේම එම නියාමකවරයා, ඔහු මාරු කර යැවුණු බන්ධනාගාරයේ කාර්යාලයීය රාජකාරීවලට පමණක් යෙදවීමටද තීරණය කර ඇත.
මීගමුව බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු එම නියාමකවරයාට විවිධ තර්ජන එල්ල වී තිබුණේදැයි යන්න පිළිබඳවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කරුණු සොයා බලාගෙන යයි.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී සිය ජීවිතය පරදුවට තබා ඉදිරිපත්වූ නියාමකවරයාට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස බන්ධනාගාර නිලධාරීහු පිරිසක් අමාත්‍යවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd