
(සුජිත් හේවාජුලිගේ)
කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවෙන් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගෙන් තුන්වෙනි වතාවටත් පසුගිය බදාදා ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
කමිටුවෙන් කෙරුණු දැනුම්දීමක් අනුව ඔහු එම කමිටුව හමුවේ පෙනී සිටියේය.
කමිටුව එහි සභාපති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා රැස්විය.
සිද්ධිය සම්බන්ධයෙන් කමිටුව දැනට රේගු ප්‍රධානීන් ඇතුළු පහළොවකට ආසන්න පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මුලින් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කමිටුවේ සාමාජිකයන්ගෙන්ද මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd