IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හෙලිකොප්ටරයෙන් ගිය පිලිපීන ජනපතිට දොස්

පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඞ් මර්කෝස් ජූනියර් (කණිෂ්ඨ) හෙවත් බොංග්බොංග් ට දොස් අහන්න සිදුවී තිබේ.
ඒ, ඔහු පසුගිය සිකුරාදා (19) බිරිඳ සමඟ එරට පැවැත්වුණු සංගීත සංදර්ශනයක් නැරැඹීමට හෙලිකොප්ටරයකින් යෑම සම්බන්ධයෙනි.

ජනාධිපතිවරයාට දෝෂාරෝපණ එල්ල වී ඇත්තේ රජයේ සම්පත් අවභාවිත කළ බවටය. දෝෂාරෝපණ එල්ල වී ඇත්තේ සමාජ මාධ්‍යය. ඒ පසුපස සිටින්නේ පිලිපීන විපක්ෂ දේශපාලන කණ්ඩායම් බව ද පැවැසෙයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ෆර්ඩිනැන්ඞ් මර්කෝස් ජූනියර් දෝෂාරෝපණයට ලක් වුණු පළමු අවස්ථාව මෙයයි.

ජනපතිවරයා සහ ආර්යාව හෙලිකොප්ටරයෙන් ගියේ පිලිපීන ඇරීනා රඟහලේ පැවැත්වුණු ‘කෝල්ඞ්ප්ලේ’ සංගීත කණ්ඩායමේ සංගීත සංදර්ශනයක් නැරැඹීමටය.

සංගීත සංදර්ශනය නැරැඹීමට 40,000 කට වැඩි පිරිසක් පැමිණි බැවින්, දැඩි වාහන තදබදයක් ද පැවැතිණි. පිලිපීන ජනාධිපති ආරක්ෂක අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වාහන තදබදය හේතුවෙන් ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් රඟහල වෙත ගෙන යෑමට සිදුවුණු බවය.

(බීබීසී)



අදහස් (2)

හෙලිකොප්ටරයෙන් ගිය පිලිපීන ජනපතිට දොස්

Perera Monday, 22 January 2024 09:33 AM

පටන්ගත්තා විතරයි. අප්පොච්චා ගිය පාරෙ පුතාත් යනවා වෙන්න ඇති. ලංකාවේ අයට ඕවා මතක තියා ගන්න හොඳ පාඩම්..!

:       2       9

Joe Shepherd Monday, 22 January 2024 01:52 PM

ජනාධිපති කෙනෙක් ඉන්න ඕනෑ ජනාධිපති කෙනෙක් විදියට. ජනාධිපති කෙනෙක්ටත් ඉරිසියයි මිනිස්සු.

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 271 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 84 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site