
( සනත් ගමගේ)
අම්බලන්තොට බරවකුඹුක ප්‍රදේශයේ සැරිසරමින් සිටි වල් අලි තිදෙනකුගෙන් යුතු රංචුවක වල් අලියෙක් හාල් මෝලකට වැදී ලොරියක පටවා තිබූ හාල් මළු කා දමා ඇති බව හාල් මෝල් හිමියා කියයි.
බරවකුඹුක ප්‍ර දේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටින වල් අලි තිදෙදෙනාගෙන් එක් වල් අලියෙක් හාල් මෝල හිමි කරුගේ නිවසට ඇතුල් වි ගෙමිදුලේ හාල් පටවා නතර කර තිබූ ලොරි රථයේ පසුපස දොර ගලවා හාල් කෑමට ගෙන ඇති බව හාල් මෝල් හිමියා කීවේය.
නිවසේ එම අවස්ථාවේ සිටි පිරිස් අලි ඇතුල් වි ඇති බව දැනගෙන කෑ ගැසීමෙන් පසුව ලොරියෙන් හාල් මල්ලක් එළියට ගෙන සිටි අලියා පලා ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd