IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


හරිනි දිල්ලියේ දී බාලේ උගත් ඉස්කෝලේ බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  ධූරයට පත්වීමෙන් පසු පළමු  ඉන්දීය නිල සංචාරය සනිටුහන් කරමින් අද (16)නවදිල්ලි නුවරට ළඟා වූවාය.

එහිදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය ඇතුළු  නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු අගමැතිනිය පිළිගත්හ.

මෙම සංචාරය අතරතුර,  අග්‍රාමාත්‍යවරිය ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා  පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍යවරිය 2025 NDTV ගෝලීය සමුළුව  සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී ඇය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය මෙහිදී තමා ඉගෙනුම ලැබූ  හින්දු විද්‍යාලය නැරඹීමට ද එක් වනු ඇත. 

එමෙන්ම, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වාණිජ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කරමින් ව්‍යාපාරික වැඩසටහනකට සහභාගී වීමට අපේක්ෂා කරයි.



අදහස් (8)

හරිනි දිල්ලියේ දී බාලේ උගත් ඉස්කෝලේ බලන්න යයි

sepali Thursday, 16 October 2025 10:39 AM

පරන පාසල බලන්න යනවා කියන්නේ පුද්ගලික ගමනක්. ඒක කොහොමද රජයේ වියදමින් ගිය ගමනක් අතරේ යන්නේ. රනිල්ව අත් අඩංගුවට ගත්තෙත් ඔහොම ගිහින් කියලා. දැන් අගමැතිනියවත් ඇතුලට ගනීවිද දන්නේ නෑ ඒකම කරලා.

:       13       17

අරවින්ද මොණරවිල Thursday, 16 October 2025 11:35 AM

සේපාලි ලංකාදීප පාඨක ප්‍රතිචාර වල ඉදන් කෙදිරි ගාන්නේ නැතුව අල්ලස් හා දූෂණය විමර්ශන කොමිෂන් සභාවට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න, ඔයා වගේම අනිත් වහලුන්ටත් ආස ඇති ඒ ගැන දැන් ගන්න.

:       11       8

ගුණරත්න Thursday, 16 October 2025 11:07 AM

ජවිපෙ සාමාජිකාවක් වුනාට එතුමියට සෑහෙන අවස්ථා ලැබිල තියෙනවා, මේ ගමේ දුප්පත් කෙල්ලක්ට නම් ඉතින් ඕව හීන

:       17       10

senaThursday, 16 October 2025 11:49 AM

එතුමිය ජවිපෙ සාමජිකාවක් නෙවෙයි

:       2       9

suddaThursday, 16 October 2025 11:50 AM

ඇත්ත කතාව​. කොලඹ කොල්ලුපිටියේ බිශොප් විදුහලේ ඉගෙනගෙන ඇමරිකාවේ අවුරුද්දක් ඉගෙනගෙන​, ඉන්පසු ඉන්දියාවේත් ඉගෙනගෙන තියෙන්නේ. ඔය ඔක්කොම පොහොසතුන් කරන දේවල්. එහෙම අයට ඒ කාලේ ජේවීපී එක වයිර කරා. නමුත් දැන් එතුමිය තමන් ට ඔය අවස්තා ලැබුනු හැටිවත් කියන්නේ නෑ තව කෙනෙක්ටත් ගන්න හිතන්න​.

:       3       9

පිටිගල මිලානෝ Thursday, 16 October 2025 12:39 PM

සේපාලි… අර අප්පච්චි කියන එකා සහ එයාගේ සනුහරේ හොරකම් කලේ ඔය ගොල්ලන්ගේ සල්ලි කියන එක තවම තේරෙන්නේ නෑ නේද…?

:       1       0

Asela Thursday, 16 October 2025 01:12 PM

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික මෝඩයෝ සහ ඔවුන්ගේ වහල් අනුගාමිකයන් / එන්පීපී බයියෝ ඉතා පහත් මට්ටමේ පෞද්ගලික දේවල් පසුපස හඹා යති. අපි ඇගේ පෞද්ගලික දේවල් ගැන තැකීමක් කරන්නේ නැහැ. වැදගත් වන්නේ මේ කාන්තාව අගමැතිනිය ලෙස රට වෙනුවෙන් කරන දේයි. ඇය දැනටමත් ඒ හා සමානව වැඩකට නැති පොල්රාජ් සමඟ වඩාත්ම සංවේදී විෂයයන් සහ කාරණා අවුල් කර ඇත.

:       1       3

Bunny Preena Thursday, 16 October 2025 01:17 PM

ඔබතුමිය සමග එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ මිතුරු මිතුරියනුත් මුණ ගැහෙන්න හොද අවස්ථාවක්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 833 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 962 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site