ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා යමින් සිටි බව කියන රැඳවියකුට බන්ධනාගාර නිලධාරියකු අද දින අලුයම 02:45 ට පමණ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම රැඳවියා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ වෙඩි කා මිය ගොස් ඇත්තේ ඉඹුල්ගොඩ වත්ත මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්තුන් හැවිරිදි එම් අජිත් කුමාර නැමැත්තෙකි.
වෙඩි කා තුවාල ලබා සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරයට නුදුරින් පිහිටි නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉඩමක වැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මොහුගේ පාදයකට සහ අතකට වෙඩි වෙඩි ඇති බව පෙනී යන්නේ යැයි ද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් නිලධාරියෙක් පැවැසීය.
කෑගල්ල මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිරෙන් පැන්න රැඳවියා වෙඩි කා නසී
Samitha Senaka Aluthgamage. Wednesday, 08 March 2023 08:05 AM
නැතිවූ ජීවිතය ගැන කනගාටුයි.ඒත්,සිරකරුවෙකු පැනලා යනවිට ඔහු කළ දේට දඬුවම් ලැබෙන්නේ එය වැළැක්වීම නොකළ බන්ධනාගාර නිළධාරි වරුන්ටයි.මොහු මේ පැන ගියේ රටේ අධිකරණ තීන්දුවට එරෙහිව සිවිල් සමාජය වෙතයි.මෙවන් පැනගිය අය තම විරුද්ධ කරුවන් මරා දැමූ අවස්ථා තිබුණා.එසේ නීතියට පිටින් බන්ධනාගාරයෙන් පැන යන්නන් නැවැත්වීම සඳහා තමයි බන්ධනාගාර නිලධාරීන්ට ගිනි අවි ලබාදී තිබෙන්නේ.නැතිව දමා ගැසීමට නොවේ.ඒත්, සිරකරුවෙකු වුවත්,ඔහුට විධායක බලතල සහිත දේශය පාලනය කරන අයෙකුගේ ඇසුර හෝ හිතවත්කම තිබුණේ නම්,කල් යල් බලා සමාව ලැබීමට ඉඩ තිබුණි.ඒ අතින් බලනා විට,එසේ සමාව නොලැබෙන සිරකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවේ යැයි සිතේ.
ලුම්බිණි Wednesday, 08 March 2023 09:15 AM
පොලිසියෙන්, හමුදාවෙන්, බන්ධනාගාරයෙන් වෙඩි තියලා මැරුණාට නඩු නැහැ. පරීක්ෂණ නැහැ. අපේ හැටි එහෙමයි...