(සුජිත් හේවාජුලිගේ )
සිවිල් වැරැදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන සියලු දෙනා නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය
බන්ධනාගාරයන්හි පවතින තදබදය අවම කිරීමේ අරමුණෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් නීති සකස් කිරීමට පත් කෙරුණු කමිටුව දුන් වාර්තා අනුව නීති කෙටුම්පත් අංශය අදාල නීති සකස් කරමින් සිටින බවත් එම කටයුතු නිමවීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමග ඇප පනත වැනි පනත් කිහිපයක් සංශෝධනය කිරීමට සිදුවනු ඇති බවද අනුරාධ ජයරත්න මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට මෙච්චර ගාණක් අල්ලන්න ඕනෑ කියලා ටාගට් දුන්නාම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද? අන්තිමට, දාපු නඩුවකුත් නැහැ, කුඩු අඩුවකුත් නැහැ, කාටවත් ඉටුවෙච්චි යුක්තියකුත් නැහැ...!
ඒ සමගම බන්ධනාගාර රෝහල් ප්‍රමාණයත් වැඩි කළොත් හොඳයි. මොකද, ඔක්කෝම ප්‍රභූවරුන් බන්ධනාගාරගත වෙච්චි ගමන් බන්ධනාගාර රෝහලේ... මේ දැනුත් එක්කෙනෙක් ඇඩ්මිට් කළා... !!!
වැඩි අය අර බලෙන් අල්ලන් ඉන්න අක්කර 400 සුද්ද කරන්න දාමුද?
ඕක රාජපක්ෂලාගේ වාසියට හදන්න යන නීතියක්.. මොකද ඊළඟ ආණ්ඩුව ආපුවාම රාජපක්ෂ පරපුර සහ ගෝල බාලයෝ ටික හිරේට දක්කන්න නියමිතයි. මෙයාලා හදන්නේ ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න...