IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හම්බන්තොට ළමා රෝග ඒකකය ලෙඩ වෙලා

(සනත් ගමගේ)

හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ශල්‍ය වෛද්‍ය සේවා හා ළමා රෝග ඒකක ඉදිරි සතියේ නවතින තත්ත්වයට පත් වි ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරිමේ කටයුතු සිදුකළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු පසුගිය සතියේ වසර 20 ක සේවා කාලය නිමකර සේවයෙන් ඉවත් ගොස් ඇත.

දැනට රෝහලේ සිටින එකම ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ ද සේවා කාලය වසර 55 සම්පූර්ණවීම නිසා විශ්‍රාම ගැන්වීම ඉදිරි සතිය‍ෙදී සිදුවීමට නියමිතව ඇත.

එසේ සිදුවන විට මහ රෝහලේ හදිසි සැත්කම් සියල්ල නැවතීමට සිදුවේ.

දැනටමත් එක් ශල්‍ය වෛද්‍යවරයකුගෙන් පමණක් අවශ්‍ය සේවය ජනතාවට ඉටුකරමින් පවතින අතර දෙදෙනාම අහිමි වීමෙන් සියළුම සැත්කම් කටයුුතු කිරීමට මාතර, කරාපිටිය රෝහල් කරා රෝගීන් මාරුකර යැවීමට සිදුවනු ඇත.

එමෙන්ම ළමා රෝග ඒකකයේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාගෙන් එක් අයකු මේ වනවිට සේවයෙන් ඉවත්ව ගොස් ඇති අතර ඉතිරි වෛද්‍යවරුන් දෙදෙනාගෙන්ද එක් අයකු ද විදේශ ගතවීමට නියමිතව ඇත.

මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුරංඟ උබේසිංහ මහතාගෙන් කළ විමසීමක දි ඒ මහතා කියා සිටියේය.

ශල්‍ය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින අර්බූදකාරි තත්ත්වය සම්බන්දව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරින් දැනුම්වත් කළා.

ඉදිරි සති කිහිපයේදී කිසියම් විසඳුමක් ලැබීමට බොහෝ විට ඉඩකඩ තිබෙනවා.

එසේ සිදුනොවුන හොත් ශල්‍යකර්ම සඳහා රෝගින් මාතර, කරාපිටිය රෝහල් කරා යොමු කිරිමට සිදුවෙනවා. මින් ජනතාවට යම් අපහසුතාවයක් විදින්නවන බව මා පිළිගන්නවා. 

 



අදහස් (3)

හම්බන්තොට ළමා රෝග ඒකකය ලෙඩ වෙලා

Cha Sunday, 21 May 2023 11:59 AM

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයම 65 කළ යුතුයි

:       0       0

සාර්කැස්ටික් Sunday, 21 May 2023 03:21 PM

එයාලාගෙ බේබිලා නම් ඉතින් සිංගප්පූරුවේ ගිහින් බේත් ගනී.

:       0       0

අප්‍රසන්න රණතුංග Monday, 22 May 2023 08:13 AM

මමත් තව දින ගණනාවකින් පස්සේ විදෙශගත වෙන්නයි ඉන්නේ. මෙයට කඩිනම් විසඳුමක් අවශ්‍යමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site