කිසියම් ලෙසකින් මුහුදට තෙල් ඉහිරීමේ ආපදාවක් ඇති වුවහොත් එය මැඩලවීම සඳහා තම හදිසි සේවාවන්හි පෙර සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ අටියෙන් විශේෂ පෙරහුරුවක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිතව පසුගියදා පැවැත්විණ. ශ්‍රි ලංකා වෙරළාරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව එය සිදු කරන ලදී.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG)ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා මෙසේ පැවසීය. ‘අප සැම විටම අනපේක්ෂිත සිදුවීම් සඳහා සූදානම්ව සිටින අතර අනතුරු වළක්වා ගැනීම සඳහා සියලුම සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නිසාම, මෙවැනි පෙරහුරු අපගේ ප්‍රමිති මෙහෙයුම් ක්‍රියාපිළිවෙත තුළ අත්‍යවශ්‍ය අංගයක්. ප්‍රමිතිය, සෞඛ්‍යය, ආරක්ෂාව සහ පරිසරය (QHSE)කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වෙනුවෙන් ISO සහතික ලත් එකම ශ්‍රී ලාංකික වරාය HIP වන අතර අප විසින් සිදු කරන ලද මෙම තෙල් විසිරීම පාලනය කිරීමේ පෙරහුරුවද ISO ප්‍රමිතීන්ට අනුකූලව සිදු කළ බව වැඩිදුරටත් අවධාරණය කළ යුතුමයි.’’
මෙවන් පෙරහුරු හදිසි අවස්ථා සඳහා වරායේ සූදානම් භාවය ඉතා ඉහළම තත්වයක තබා ගැනීමට මෙන්ම තම ප්‍රතිචාර හැකියාව නිරතුරුවම තියුණු කරමින් දේශීය හා ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුකූල වීම සඳහා HIP හට ඇති කැපවීම තහවුරු කරන්නක් බව හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් සමාගමේ (HIPS) ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් රවී ජයවික්‍රම මහතා පවසයි.
“මෙවැනි පෙරහුරු මගින් තෙල් ඉහිරීමක් ඇති වුවහොත් අපගේ කණ්ඩායම් ගත යුතු ක්‍රියා පටිපාටීන් පිළිබඳ වටිනා පුහුණු අවස්ථා ලබා දෙනවා. විශේෂිත උපකරණ භාවිතය, ප්‍රතිචාර ක්‍රියාත්මක කිරීම සහ සැබෑ ආපදාවකදී ඔවුන්ගේ කාර්යයන් සහ වගකීම් අවබෝධ කර ගැනීමට මෙය පිටුවහලක්. මෙම අභ්‍යාසය මගින් අපගේ තෙල් විසිරීම වළක්වන උපකරණ (booms) සහ ඉහිරුණු තෙල් එකතු කරන (skimmers) උපකරණවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට සහ ඒවාහි නිවැරදිතාව පරීක්ෂා කිරීමටද අවස්ථාව ලබා දෙනවා. මෙමගින් ඉහිරීමක් සිදු වුවහොත් පරිසරයට සහ ප්‍රජාවට සිදුවන බලපෑම අවම කර ගැනීමට අපට හැකිවනවා.”
-595
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් තෙල් විසිරීම පාලනය කිරීමේ පෙරහුරුවක්