
(අංජුල මහික වීරරත්න)
මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහලේ දී (Amrita Hospital) හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මෙය සිදු කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ බටහිර කොළඹ රෝටරි සමාජය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර, මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ බටහිර කොළඹ රොටරි සමාජයේ සභාපති කේ.පී නාගරාජා යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි.
බටහිර කොළඹ රෝටරි සමාජය සහ බටහිර කොචි රොටරි සමාජය එක්ව ගෝලීය ව්‍යාපෘතිය (Rotary Global Project) හරහා මේ සඳහා අරමුදල් සපයනු ලබයි.
දහසකට අධික හදවත් රෝගී දරුවන් පිරිසක් සැත්කම් සඳහා මෙරට පොරොත්තු ලේඛණවල සිටින අතර, හදවත් සැත්කම් සිදු කිරීමේ පහසුකම් මෙරට පැවැතිය ද හදිසි හදවත් සැත්කම් ඇතුළු පොරොත්තු ලේඛණ අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
පොරොත්තු ලේඛණවල සිටින රෝගීන් අතරින් ප්‍රමුඛතාව මත හදවත් සැත්කම් සිදු කිරීමට යොමු කරනු ලබන රෝගීන් රෝග නිර්ණායක මත තෝරා ගැනීම කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබයි.
2025 නොවැම්බර් මස 17
45
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හදවත් රෝගී දරුවන් පනහකට ඉන්දියාවේදී සැත්කම්