(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම නගරයේ අවන්හලකට බීමතින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු කළ ආහාර ඇණවුමක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මහරගම පොලිසිය පවසයි.
මහරගම පිළියන්දල පාරේ අවන්හලකට රාත්‍රී ආහාර ගැනීම සඳහා පුද්ගලයන් දෙදෙනකු ආහාරය සඳහා කුකුල් මස් ඇනවුම් කර තිබේ .
එහිදී අත්වැරදීමකින් කුකුල් මස් වෙනුවට ඌරු මස් ලබාදීම සම්බන්ධයෙන් අවන්හලේ කාන්තාවක් සමඟ එහි සිටි පුද්ගලයකු බහින්බස් වීමක් හටගෙන ඇතැයි පැවසේ
පසුව එය දුරදිග ගොස් ඇති අතර එහිදී අවන්හලේ රැඳී සිටි පුද්ගලයන් පිරිසක් ඊට මැදිහත් වීම හේතුවෙන් දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් ද සිදු ව තිබේ .
එහිදී පොලු මුගුරුවලින් පහර දී ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු මෙසේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පැවසේ .
පහර දුන් බව පැවසෙන පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව මහරගම පොලීසිය පවසයි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හොද්ද මාරු වි දෙකක් රෝහලේ