IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හිතුමතේට ලයිට් කැපූ මණ්ඩලයට වැඩ වරදියි

(යොහාන් බාසුර) 

ලංකා විදුලිබල මණ්ඩලය බලපත්‍රලාභියා ලෙස මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළදී නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවසීය.

උසස් පෙළ විභාගය සමයේ විදුලිය සැපයීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ දී පැවැති සාකච්ඡාවේදී විදුලිබල අමාත්‍යංශයෙ කිසිදු නිලධාරියකුට බලපෑමක් නොකළ බවත් එහිදී මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ සිටි අතිරේක ලේකම්වරයාට නීතිය පැහැදිලි කළ බවත් රත්නායක මහතා කීය.

මානව හිමිකම් කොමිසම අදාළ අදාල සාකච්ඡාවට ළ සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආරාධනා කළ තිබියදී අතිරේක ලේකම්වරයකු සහභාගී කරවීම මෙම ගැටලූවට මූලික වූ බවද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (10)

හිතුමතේට ලයිට් කැපූ මණ්ඩලයට වැඩ වරදියි

ravin Saturday, 28 January 2023 04:17 PM

අපි බලමුකෝ කවුද වැඩ්ඩා කියලා...!

:       2       38

Sunil Saturday, 28 January 2023 04:30 PM

මෙයට පෙරත් නීතිමය කටයුතු කළහැටි අපි දැක්කා. නීතිමය කටයුතු කරන විට උසස්පෙළ විභාගයත් නිමාවෙලා තියෙයි..

:       4       26

මහසෙන් Saturday, 28 January 2023 04:49 PM

නිකන් බයිලා ගහන්න එපා මනුස්සයෝ... දැනුත් කරන්ට් කපලා තියෙද්දී.. ඔය නඩූ වාර්තා රෝල් කරලා ගහගන්නවා...

:       5       26

fairoosSunday, 29 January 2023 02:08 PM

මෙතුමාට බැනලා වැඩක් නැහැ. මෙතුමා නිසා තමයි විදුලි බිල වැඩිකරන යෝජනාව අත්හිටුවලා තියෙන්නේ. මේ ආණ්ඩුව තියනකන් රටට කිසිම සෙතක් නැහැ.

:       1       2

Srimal Saturday, 28 January 2023 05:32 PM

Media shows දැන්වත් නවත්තලා ළමයින්ගේ විභාගෙට ඉඩදෙන එක හොඳ නැද්ද..?

:       5       18

Nandana Saturday, 28 January 2023 05:47 PM

මෙයාව හොඳයි රිළා නටවන්න. කව්ද මේ..?

:       12       16

චින්තක Saturday, 28 January 2023 06:39 PM

කොමිසමේ සාමාජිකයෙක් පුවත්පතකට දුන් ප්‍රකාශයක් කියවන්න ලැබුණා ඇත්තටම ඔහු කිව්වත් නොකිව්වත් කොමිසම තීන්දු තීරණ ගන්න ඕන සාමුහිකව කියලා කියන්න පුළුවන් හරි නම් ලිපියක් යවන්න වුනත් කොමිසමේ නියමය පරිදි කියලා ලේකම් තමයි කරන්න ඕනෑ. සභාපති ලිපියක් යැව්වත් පිටපත් සාමාජිකයන්ටත් යවන්න ඕනෑ... එහෙම නැත්නම් සාධාරණයක් තියෙනවා කියලා කොහොමද හිතන්නේ?

:       21       5

මොට්ටපාල Saturday, 28 January 2023 06:52 PM

ලේකම්ට ආරාධනා කරලා තියෙද්දී අතිරේක ලේකම් කෙනෙක් යැවීමේ කිසිම වරදක් නැහැ... මොකද ලේකම්ට එවැනිම වැදගත්කමක් තියෙන සාකච්ඡාවක් කරන්න තියෙන්න ඇති. නැත්නම් ඔහු නිවාඩු ලබාගෙන ඉන්න ඇති. රාජ්‍ය සේවයේ කටයුතු කෙරෙන්නේ එහෙම තමයි පුද්ගලික අංශයේ ලොක්කන් වගේ ඔක්කොම වැඩ ලේකම් බදාගෙන කරන්නේ නැහැ.. එහෙම කළොත් අනෙක් නිලධාරින් පුහුණුවක් ලබන්නේ කොහොමද? එහෙම නිලධාරින් හිටපු තැන්වල තමයි නිලධාරින් විශ්‍රාම යනවිට ගැටලු තියෙනවා කියමින් පසුගිය කාලයේ උද්ඝෝෂණ කරන්න ගත්තේ...

:       38       6

සුරලොව ඇල්මන්ගේ Saturday, 28 January 2023 08:17 PM

නඩුවකදී වුණත් බලය පවරා ලිපියක් යැව්වොත් ඒක පිළිගන්නවා.. මේකෙදි එහෙමත් නැද්ද එහෙම කියන්නේ ඩිස්ලයික් දමාපු නිසා තමයි...!

:       0       0

මසං Saturday, 28 January 2023 07:23 PM

කළුතර K කලාපයේ අද හවසත් ලයිට් ගියා.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site