
(යොහාන් භාසුර)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර අද (16) රාත්‍රී වීදි සංචාරය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරහර මංගල හස්ති රාජයා වූ කැලණිය රජමහා විහාරයේ ‘කණ්ඩුල’ හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කළේය. ගංගාරාම විහාරවාසී පල්ලේගම රතනසාර ස්වාමීන්වහන්සේ ද මෙහි සිටිති.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජනාධිපතිවරයාගේ බිරිඳ අයෝමා රාජපක්‍ෂ මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූහ.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥා වෛද්‍ය සීතා අරඹපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ ගයන්ත කරුණාතිලක, ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප: ළහිරු හර්ෂණ














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ හැම අටමඟලකටම හොර දේශපාලුවන් සම්බන්ධ කර ගන්නේ..? රටේ වෙන වැදගත් මිනිස්සු නැද්ද..?
සීතා අක්කාගේ නම ඇහුනේ ගොඩක් කාලෙකින්. කොහෙද දන්නෙ නැහැ හැංගිලා හිටියේ?