IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිටපු පොලිස් අධිකාරී උඩුගම්පොළට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 23

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (25) නියම කළේය.

2002 ජනවාරි මස 02 වැනිදාත් සැප්තැම්බර් මස 03 වැනිදාත් අතර කාලයේ කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොටදී ශ්‍රී ලංකා ජනරජයේ ආරක්‍ෂාවට හා යහපතට හානිදායක විය හැකි ආකාරයට කටයුතු කරමින් ශ‍්‍රී ලංකා ජනරජයේ  ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීමේ කාර්යයේ යෙදී සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බලකා නිලධාරීන් රැඳී සිටි අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසය පිළිබඳව, එහි රැඳී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් පිළිබඳව, ඔවුන් සිදු කරන මෙහෙයුම් පිළිබඳව හා ඔවුන් ඒ සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව රහස් රැස් කරන ලදැයි විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින්  චෝදනා නඟා තිබිණි.

එලෙස රැස් කරන ලද රහස් පදනම් කරගනිමින් ‘‘මිලේනියම් සිටි’’ ආරක්‍ෂක නිවස වටලන ලද බවටද එලෙස වටලා එහි සිටි හමුදා නිලධාරීන් එහි තිබූ රහස් ලිපි ගොනු අත්අඩංගුවට ගෙන ඒවා ප‍්‍රදර්ශණය කළ බවටද හමුදා නිලධාරීන් කුරුඳුවත්ත හා කටුගස්තොට පොලිස්ථාන වලට මෙන්ම මහනුවර නිල සුනඛ අංශයට රැගෙන ගොස් ප‍්‍රදර්ශණය කළ බවටද එම නිලධාරීන් දින 10ක්  මහනුවර හා කටුගස්තොට පොලිස්ථාන වල රඳවා තබා ඉන් අනතුරුව නෛතික පදනමකින් තොරව ඔවුන්ට එරෙහිව මහනුවර මහෙස්ත‍්‍රාත් අධිකරණයේ  නඩුවක් පැවරූ බවටද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

කොටි ත‍්‍රස්ත‍්‍රවාදීන් පිළිබඳ තොරතුරු රැස් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බලකා නිලධාරීන්ගේ ඡායාරූප ලබාගෙන හා ඔවුන් වීඩීයෝ ගතකර ඔවුන් පිළිබඳ තොරතුරු පිටස්තර අයට දැනගැනීමට සැළැස්වීම නිල රහස්‍ය පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් බවටද නීතීපතිවරයා චෝදනා පත්‍රයේ සඳහන් කර ඇත.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 23 වැනිදා දක්වා කල් තැබූ විනිසුරුවරයා පැමිණිල්ලේ අංක 06 සාක්කිකරුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥ චමීර හපුතන්ත්‍රී සහ නීතීඥ පසිඳු තිලකරත්න සමඟ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

 

 



අදහස් (0)

හිටපු පොලිස් අධිකාරී උඩුගම්පොළට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 77 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 353 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site