
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපතිවරුන් වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
ජනාධිපති ලේකම්වරයා අප්‍රේල් 19 දින නිකුත් කර තිබෙන අදාළ ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ අද (23) දිනට පෙර අදාළ වාහනය ජනාධිපති කාර්යාලයට බාර දෙන ලෙසයි.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම කර ඇත.
COMMENTS
මිනීමැරුම් වෙඩි තැබීම් කෙලවරක් නෑ රටේ. ආරක්ෂාවත් තව ටිකක් අඩු කරලා වෙඩික්කරැවෙකුට පහසු කරමු
පාර්ලිමේන්තුවෙන් පැහැදිලි නිගමනයකට නෑවිත් මොකක්ද මේ එහෙන් මෙහෙන් ඩිංග ඩිංග කොනිච්චන්නෙ? බයද?
හරි හොඳයි. ඒ ගොල්ලන්ට මොකටද ඔය තරම් වාහන. අනික ඔය සෙට් මහජනයාගේ සල්ලි මදි නොකියන්ට මාටියා ගහපු අයනෙ. ඒ අතරින් මහින්ද හොරකමේ කප් එක ගහපු තුමානෙ.
මුන් ඔක්කොම අපේ බදු වලින් නඩත්තු කරන්නේ ඇයි හැමදාම. නීතියකට යටත් වෙන්නෑ කෝටි ගනං දේපළ පරිහරණය කරන්නේ .හැබැයි මුං ඔක්කොම එකතු වෙලා රට අඝාධයට දැමීම. හරිනං උන්ගෙන් ආපහු අයකරගතයුතුයි කරපු විනාශය රටට.
මේ අය ඇති තරම් මෙච්චර කාලයක් මහජන මුදල් කාබාසිනියා කරමින් භුක්ති වින්ද මුළු පවුල් පිටින්ම. මේ හොරු රැල අන්තිමට රට බංකොළොත් කරලා රටේ සමස්ත ජනතාවටම යන යනඑන මන් නැති කලා.අද වෙනකොට අපේ අනුර ජනාධිපති තුමා රටේ මුදල් නාස්තිය බින්දුවට ගෙනල්ලා තියෙනවා.මේක රටට මොනතරම් භාග්‍යක්ද!!! ඔබ තුමාට ජයෙන් ජය.
රටේ තිබ්බ විසාල ප්‍රස්නයක් විසඳුවා, ස්තුතියි ජනාදිපතිතුමනි!
යන විදිහට ඇඳන් ඉන්න ඇඳුම් ටිකත් ගලවයි වගේ?
ඉතාම හොඳ වැඩක්, වාහන දෙකත් වැඩියි, පවුලෙ උන්ට ගමන් යන්න ඉන්ධන වාහන බදු සල්ලි වලින් දෙන්න එපා, මේ වයසක අයට මොන ගමන්ද, ගියත් කරන්නෙ රට වනසන වැඩ.
නීති හදන්න ඕනා සදාචාර විරෝධීව මෙතෙක් කල් බුක්ති වින්ද දේවල් වලටත් මුදල් අයකර ගන්න පුළුවන් ආකාරයට !
අමතර වියදම් එපා. ලොකුවට ගමන් බිමන් යන්න ඕන නැහැ එයාලට. ඒ නිසා ගත්තට කමක් නෑ.
ජනතාවගේ බදු සල්ලි වලින් නඩත්තු කරන ජනපති කාර්යාලයේ වාහන සහ තෙල් පාවිච්චි කරලා ඉන්න ජනපතිලටත් හන්දි ගනේ තියෙන චන්ද රැස්වීම් වලට සහභාගී වීම තහනම් කලා නම් ලොකු අදර්ශයක් දෙන්න තිබ්බා . ඉස්සර වගේ ඩබල් කැබ් එකේ යන්න පුළුවන් නේ . පස්ස තියන්න අපිට නම් ලොකු වාහන අවශ්‍ය නෑ.
සමහරුන්ට හොඳටම රිදිලා. ගැතිකමයි නිවටකමයි හොඳටම පෙන්නුම් කරනවා. හිටපු පාලකයන් ඔවුන්ගේ සුඛ විහරණය හා ධන තන්හාව නිසා නැති කෙරුවේ මේ රටේ දරුවන්ගේ අනාගතය නේද කියලා හිතන්න තරම් බුද්ධියක් නැති පිරිසක් තවම රටේ සිටිම අභාගයක්.
මොනදේ කළත් ලංකාවේ ඉන්න බයියෝ වැරැදිමයි හොයන්නේ. ඒකනේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ.
ජෙප්පන්ගේ ඉරිසියාව
ඉතුරු තටු ටිකත් මේ මාසේ ඡන්දයෙන් ගලවනවා.