(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපතිවරුන් කොළඹින් තමන්ට සුදුසු නිවෙස් සොයා ගැනීමට මේ දිනවල දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරුන්ට ඔවුනට ගැලපෙන නිවෙස් සොයා දීමට ඔවුන්ගේ ඥාතීහු සහ හිතවත්තුද කටයුතු කරමින් සිටිති. එසේම හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් දුන් වාහනද අහිමිවීම හේතුවෙන් තමන්ගේ පාවිච්චියට වාහන සොයා ගැනීමටද සමහරුන්ට සිදුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පදිංචිවීම සඳහා සුදුසු නිවසක් සොයමින් සිටින බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බත්තරමුල්ලෙන් නිවසක් දැනටමත් සොයා ගෙන ඇති බවත් වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස තවමත් හරියාකාරව භාරදී නැති අතර ඉදිරි දිනවල එම භාරදීම් කටයුතු සිදු කෙරෙනු ඇත.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසු සෑම හිටපු ජනාධිපතිවරයකුටම හිමිවන්නේ රුපියල් 95,000 ක විශ්‍රාම වැටුප සහ ආරක්ෂාව පමණි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා පේමදාස මහත්මියට විශ්‍රාම වැටුප අහිමිවී ගියේය. එසේ වූයේ එම වැන්දඹු විශ්‍රාම වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව ජනපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ හිමිවූ එකක් හෙයිනි.
තවද හිටපු ජනාධිපතිවරුන්ට රජයේ බංගලා අහිමිවීමෙන් ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් සැපයීමද බරපතළ ගැටලුවක්වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පමණක් රජයේ බංගලා ලබා නොගත් අතර ඔවුන් දැනට පදිංචිව සිටින්නේ ඔවුන්ට අයත් නිවාසවලය. මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ බංගලා ලබා ගැනීමට අමාත්‍යාංශ ඇතුළු ආයතන ගණනාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවා මිනිස්සු පෝළිමක් ගහගෙන ඇති කියලා මෙයාලට ගෙවල් දෙන්න බලාගෙන.
මේ ගත වන්නේ වෛරයේ හෝරාවය. අවුරුදු ගණනාවක් පුරා එය ජන මනස තුළ පැල පදියම් කළේ වර්තමාන පාලකයන්ය. ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වී ජනතාවගේ ඡන්දයෙන්ම පරාජය වුණු හිටපු ජනාධිපතිවරුන් කොළඹ අග නගරයෙන් නිවෙසක් සෙවීම යම් පිරිසකට ජොලි වී ඇත්තේ එනිසාය. හිටපු ජනපතිවරුන්ට නිල නිවෙස අහිමි කර ගැනීම හරහා තමන් සත 10කින් හෝ දායක වී ඇති බව සිතා ඔවුනට සතුටු විය හැකිය.
සෙට් එකටම හරියන නිවාස ගොඩාරියක්ම තියෙනවා, කඳුකරයේ. කට්ටියටම එකට ඉන්න පුළුවන් සෙට් එකම වතු ලයින් ගෙවල් සෙට්එකකට පදිංචියට ගියානං. එතකොටවත් මේ සෙට් එකේ අනුභාවයෙන් රටේ ඉන්න මිනිස්සු විඳින සැප බලාගන්න තිබුණා
පිටරටත් ගෙවල් ඇති. බොරුව දානවා මිනිස්සු කුලප්පු කරන්න.
බයියලාගේ කයිය විතරයි. ඕනෑතරම් ගෙවල්, මන්දිර බයිරජාට දෙන්න පුළුවන් කියපු කයි රැල්, මයිනාට අතුපැළක්වත් දුන්නාද? සමහර විට රජයේ රට උළුගෙදර සුවපහසු කාමර ළගදීම ලැබෙන බව පැහැදිලිවම කයියන්ට තෙරුම් ගියා වෙන්න පුළුවන්...! ඔවුන්ගේ දෙශපාලන boss ලගෙයි, මොවුන්ගෙයි පොරොන්දු අතර වෙනසක් නෑ... පස් බෙර...
පැලවත්ත පැත්තේ බැලුවේ නැතෙයි...
මට තාම මතකයි අපේ තාත්තා ජීවත් වෙලා සිටි කාලයේ කියපු දෙයක්. තාත්තා වැඩ කළේ බැංකුවේ. තාත්තා තරුණ කාලයේ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහත්මයාගේ නිවස ඉදිරියෙන් හැමදාම පයින් යනවාලු. එතකොට ඒ උතුම් මනුෂ්‍යයා ඉතාම සරල චාම් ඇඳුමකින් සැරසිලා නිවසේ සිටින අයුරු තාත්තා දැකලා තිබුණා. තාත්තා කිව්වා ඒ මහත්මයා බොහෝම සරල ජීවිතයක් අවසාන කාලයේ ගෙවූවා කියලා. මම දැකපු දෙයක් නෙමෙයි මේ කියන්නේ. අහපු දෙයක්. නමුත් උතුම් මිනිසුන් ඒ වගේ සාමාන්‍ය චරිත. අද ලංකාව යම් ආකාරයකින් දියුණුවක් අධ්‍යාපනයේ ලබලා තියෙනවද? ඒ සියල්ලට හේතුව මේ ආකාරයේ සරල ජීවිත ගත කළ උතුම් මිනිස්සු. කන්නන්ගර උත්තමයා වැනි උත්තමයන්ට අපගේ වැඳුම වේවා.
අමාරුවෙන් හරි වැලිකඩ වාට්ටුවක්ම වෙන් කරලා දෙමු, එතැන ආරක්ෂාවටත් හොදයිනේ අපේ හාන්දුරුවනේ...!