(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (9) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්රී 9.00 දක්වා රාත්රී කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියේ ලොකු ලොක්කන් කිව්වේ මාර්තු 5ට පසුව විදුලිය නොකපන පවයි. ඒ අය කතා කලේ කටින්ද නැත්තම් ...? එහෙම නැත්නම් මාර්තු 5 තවම ඇවිත් නැද්ද?
ඉන්න නිළදාරීන්ට පුලුවන් නම් හරියට කපන වෙලාව දාන්න ඒක ලොකු දෙයක්. මෙ කරන වැඩෙන් ඩොලර් අනිවාර්යෙන්ම රටට ලැබෙන, නමුත් කිසිම වර්ජනයක් , කිසිම දෙයක් නොඉල්ලපු වැඩ කරන මිනිසුනට හෙනම අසාධාරණයක් වෙන්නෙ. කම්පැණිවල ආයොජකයින් වෙන රටවලට යනකන් ඉදල ආපහු ඩොලර් නැ, ඩොලර් නෑ කියන්න වගේ හදන්නෙ. විදුලිබලෙ හරි මොකෙ හරි කමක් නැ, කපන වෙලාවල් දැම්මනම් හරි, අකුරු වෙනස් නොකර. ඇයි හප්පා මුන්ට ඒ වගෙ සුලු දෙයක් වත් කරන්න බැරි, හැබැයි කතාවනම් ඉන්ජිනෙරුවො අරකයි මේකයි.