
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (07) නියම කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිජාස් ඉස්බුල්ලා ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සැලකිල්ලට ගැනීමෙන් පසු අභියාචනාධිකරණය පුත්තලම මහාධිකරණය වෙත මෙම නියෝග නිකුත් කළේය.
මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කරනු ලැබූහ.
එම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට නීතිඥ හිජාස් ඉස්බුල්ලා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතර සිංහල ජනතාව ඒත්තු ගැන්වීමට වේදිකාගත කළ සියලුම නාට්‍යයන්... එහි සැබෑ ස්වරූපය එකින් එක හෙළි කිරීමට පටන් ගෙන ඇත.
හැමදාම UN සැසිවාරය ළංවෙනකොට සාන්තුවරයෝ වෙන්න හදනවා. ඊට පස්සේ ආයෙත් ඊළඟ සැසිවාරය එන්න කිට්ටු වෙනකම් තාඩනය, පීඩනය, තලාපෙළීම, බොරුවෙන් රටේ ජනතාව රැවටුණාට ලෝකයා රවට්ටන්න බැහැ.
සර්ගේ ජාතිවාදයේ අමුඩයත් ගැලවුණා...
අවංක, නීතිගරුක පාලකයෝ පමණයි අනාගත පරම්පරාව අගය කරනු ඇත්තේ...1948 නිදහසින් පසු මුල්කාලයේ හැරුණු විට මෑත ඉතිහාසයේ එවන් අය ඉන්නවද?
මෙතුමා මෛත්‍රිගේ දින 52 නීති විරෝධී ආණ්ඩුවට එරෙහිව අධිකරණයේ දක්ෂ ලෙස කරුණු පැහැදිලි කළා. ඒ නිසාමයි පලිගැනීමක් වශයෙන් මෙතුමාව රඳවා ගෙන හිටියේ. ජනීවා මානව හිමිකම් කොමිසමුත් මෙතුමාගේ අත්අඩංගුව පිළිබඳව අවධානය යොමු කළා. මේ වගේ පහත් වැඩ නිසා.., ජාත්‍යන්තර මැදිහත්වීම් වලින්..., අවසානයේ රට අපකීර්තියට පත්වෙන්නේ. වත්මන් ඩොලර් සහ තෙල් හිඟය නිසා අපිට එදා උදව්කළ රටවල්, දැන් අපෙන් ඈත්වෙලා. පසුගිය ජනීවා ඡන්ද විමසීමේදී ඕක හොඳට දැනුණා...