(නිමල කොඩිතුවක්කු)
සීමාවාසික පුහුණූව අවසන් කළ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1408 දෙනකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය අමාතයාංශය පවසයි.
ඒ අනුව 2024 ඔක්තෝම්බර් 29 දිනට සීමාවාසික පුහුණූව අවසන් කළ පිරිස් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇතියි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා සඳහන් කරයි.
ඉහත තනතුරු සඳහා සුදුසුකම් ලද වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට පිවිස අයදුම් කරන ලෙස ඔහු පවසයි.
සියලු අයදුම්කරුවන් අගෝස්තු 11 වන දින මධ්‍යහන 12.00 ට පෙර මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස ද ඔහු තවදුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සෞඛ්‍යයට 1408ක් බඳවා ගන්න යයි