
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන පෙළ පොත මිලදී ගැනීමට පාර කපන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරාජය කිරීමට සියලු වෘත්තීය සමිති, බහුජන ව්‍යාපාර සහ ශිෂ්‍ය ව්‍යාපාර සමඟ එකතුව සටහන් කරන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන මහතා අද (27) පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව දැනුවත් කිරීමට අධ්‍යාපන වෘත්තිය සමිති එකමුතුව කොළඹදී අද (27) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී වාස් ගුණවර්ධන මහතා එසේ පැවසීය.
2026 වසරේ පළමු වසරේ සිංහල මොඩියුලයේ පළමු වාරයට පමණක් බාර්කෝඩ් 42 ක් ඇති බවත් ඒ අනුව දෙම්පියන්ට 42 වතාවක් කොමියුනිකේෂන්වලට යෑමට සිදුවන බවත් ගුණවර්ධන මහතා කීය.
දෙම්පියන් විදින ඒ අපහසුතාවය දැණෙන විට එළියේ සිටින අධ්‍යාපන මුදලාලි කෙනෙක් පෙළ පොත මුද්‍රණය කරන බව කී වාස් ගුණවර්ධන මහතා එවිට රජය පෙළ පොතෙන් අයින් වී පෞද්ගලික අංශයෙන් පෙළ පොත මුද්‍රණය කළ විට දෙම්පියන්ට පෙළ පොත සල්ලිවලට ගන්න තැනට වැඩේ හැදෙන බව ද සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන් ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොව විෂයමාලා ප්‍රතිසංස්කරණයක් බවත් මෙම ප්‍රතිසංස්කරණ තුළ සියලු ප්‍රශ්නවලට විසඳුම් ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරිය සිතා සිටින බවත් එම මාධ්‍ය හමුවට සහභාගි වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
ආණ්ඩුව මෙම ප්‍රතිසංස්කරණ කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ නම් ක්‍රියාත්මක කරන ලෙස පවසන බවත් නොවැම්බර් මස 7 වැනිදාට පෙර ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවුණ හොත් දෙසැම්බර් මස පළමු සතියේ පාසල් ආරම්භයත් සමඟ ක්‍රියාමාර්ග ගන්නා බවත් ස්ටාලින් මහතා කීය.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරයා, විදුහල්පතිවරයා පීඩාවට පත්කර පාසල් පස්වරු 2.00 දක්වා පැවැත්වීමට වන සූදානම අනිවාර්යෙන් නතර කළ යුතු බව ද ජෝශප් ස්ටාලින් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1526
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සියලු දෙනා එකතු කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරදනවා