(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය ප්‍රදේශයට ඊයේ දින පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවත් සමග අඹගමුවඔය පිටාර ගැලීමත් සමග ගංවතුරට යටවූ ගිනිගත්හේන -  නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ලංගම බසයක් මගීන් සමග සැඩපහරට අසුවෙද්දී ප්‍රදේශයේ තරුණයන් පිරිසක් ඔවුන් බේරාගෙන ඇත.

අඹගමුව ප්‍රදේශයේ තරුණ පිරිස් පවතින අවධානමද නොතකා ලොරි රථයක් බස් රථය ළගට රැගෙන ගොස් මගීන් පිරිස මුදාගෙන කැබ් රථයද ආධාරයෙන් බස් රථයද ආරක්ෂිතව ගොඩට ගෙන ඇතැයි වාර්තා වේ.